Print this Article


සිල් ගනිමු

සිල් ගනිමු

කය වචනෙත් හැකි මුත් සිල් රැක ගන්ට
මනසෙන් අමාරුයි ඒ ටික කර ගන්ට
මනස ගොසින් නොයෙකුත් අරමුණුවලට
සීලය බිඳෙනවාම යි නොදැනිම අපට

එබැවින් මනස මෙන් සීලය රැක ගන්න
භාවනාවකට සිත අරගෙන යන්න
නැතිනම් බණ පොතක් බලමින් පසුවන්න
එතකොට මනස මෙන් හැක සිල් රැක ගන්න