Print this Article


අදරැති පියාණෙනි

අදරැති පියාණෙනි

සිප් සතර දී මා හැදු වැඩි දයාවෙනි
කරුණාබර වදන් තෙපලූ නියාවෙනි
දියුණුව පිණිස වෙරදුන් නිසාවෙනි
සිහිපත් කරමි මා අදරැති පියාණෙනි

ඔවදන් කියාදී යහමඟට ම යැව්වා
ගුණදම් කියාදි නිසි මඟට ම යැව්වා
සිත නොරිදවා සෙනෙහස පා දිරි දුන්නා
මතු භවයෙත් ඔබ මගෙ පියතුම වෙනවා