පටාචාරා
අත පයට නොයෙක සැප කලෙක විඳ තිබුණා
හිත සතුට මත නේද දාස හා බැඳෙනා
නැත රහට හැම දෙයම ඇසි පියක දැවුනා
ඇත කහට යනු කොහෙද මන වියරු වැටුනා
සැවැත් නුවරක වැසියො පුදුමයෙන් දකිනා
පුවත් මැවුනකි එදින දෙව්රම ද සැලුනා
තවත් පරපුර සතුව නින්දගම් නොවුනා
ගලත් නදි අචිරවති මේ කිසිතු නොදැනා
පින් ද පවු නොවැටහෙන ඇයගෙ වත ගැහෙනා
ඇන්ද වුනු රෙදි වැරලි නො දැනිත්ම හැලුනා
රැන්දු බිය කොහේ ගියෙ, ෂඩ් වර්ණ දකිනා
වින්ද දුක් අහවරයි, සසර ඉම දිලුනා
පී.බී. ගුණරත්න
අධ්‍යාපනවේදී, විශ්‍රාමලත් පරිවේණාචාර්ය |