Print this Article


ඖෂධ බුද්ධ පූජා පින්කමක්

ඖෂධ බුද්ධ පූජා පින්කමක්

කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති මහර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේකඛාධිකාරී, කිරිල්ලවල ජාතික පාසලේ සහකාර විදුහල්පති, කිරිල්ලවල සිරි සිදුහත් ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රවේදී ඕනෑගම නන්දරතන ස්වාමීන් වහන්සේගේ 42 වන ජන්ම දිනය හා පැවිදි බිමට පත්ව අවුරුදු 28ක් පිරීම නිමිති කර ගෙන කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස ආශීර්වාදාත්මක මහා ඖෂධ බුද්ධ පූජාවක් හා අධිෂ්ඨාන ආලෝක පූජාවක් ජූලි මස 21 වැනි ඉරු දින පස්වරු 6ට සතර පේරුවේ දායක පින්වතුන්ගේ දායකත්වයෙන් පැවැත්වේ. ආලෝක හා ඖෂධ බුද්ධ පූජාව පවත්වනු ලබන්නේ කිරිබත්ගොඩ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය ගාල්ල කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විසිනි.