Print this Article


ශාසනික විනය කර්ම වැඩසටහන

ශාසනික විනය කර්ම වැඩසටහන

සම්බුද්ධ ශාසනය නිර්මල ව චිරාත් කාලයක් පවත්වා ගෙන යාමේ අරමුණ පෙරදැරිව මූලික විනය කර්ම පිළිබඳ යම් දැනුමක් ඇතිකිරීමේ ප්‍රථම වැඩසටහන ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වීය බස්නාහිර පළාත් මහා සංඝ සභාව මඟින් පසුගියදා (05) ඓතිහාසික ඔලබොඩුව රාජමහා විහාරස්ථානයේ දී පවත්වන ලදී.

මේ සඳහා ස්‍යාමොපාලි වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අතිගරු අනුනායක අති පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මල්වතු පාර්ශ්වීය උපසපන් භික්ෂූන් වහන්සේ සියක් නමකට අධික ව වැඩම කරවූහ.