Print this Article


බෙල්ලන්විල රාජමහා විහාරය

බෙල්ලන්විල රාජමහා විහාරය

බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ව වැඩ විසූ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් වසර 40ක් පිරීම නිමිත්තෙන් හා බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී ව වැඩ විසූ බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් වසර 06ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ගුණානුස්මරණ ධර්ම දේශනා පින්කම් මාලාව බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

අගෝස්තු 07 ප.ව. 5.00 ගිලන්පස බුද්ධ පූජා පෙරහර අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරස්ථානය ප.ව. 6.30 ගිලන්පස බුද්ධ පූජාව, ප.ව. 7.30 ධර්ම දේශනය මකුරුප්පේ සෝමාලංකාර අනුනාහිමි, අගෝස්තු 8 ප.ව. 5.00 ගිලන්පස බුද්ධ පූජා පෙරහර ප.ව.6.30 ගිලන්පස බුද්ධ පූජාව. ප.ව. 7.30 ධර්ම දේශනය වලේබොඩ ගුණසිරි අනුනාහිමි, අගෝස්තු 9 ප.ව. 5.00 ගිලන්පස බුද්ධ පූජා පෙරහර දිවුල්පිටිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථනය, ප.ව. 6.30 ගිලන්පස බුද්ධ පූජාව, ප.ව. 7.30 ධර්ම දේශනය. මැදගම්පිටියේ විජිතධම්ම හිමි.