Print this Article


පොසොන් පුර පෝ දා දම් දෙසුම

පොසොන් පුර පෝ දා දම් දෙසුම

ලේක්හවුස් ආයතනයේ පොසොන් පුර පසළොස්වක පෝ දා ධර්ම දේශනාමය පින්කම පසුගියදා ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි. එදින ධර්ම දේශනාමය පින්කමේ පින්බර දායකත්වය දරන ලද්දේ ලේක්හවුස් ආයතනයේ නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග මහතා විසිනි.

දම් දෙසුම ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමියන් විසින් පැවැත් වූ අතර, ජනක රණතුංග මහතා නමින් මියගිය මවුපියන් වන නිමල් රණතුංග පියාට සහ ශීලා රණතුංග මවට පින් අනුමෝදන් කිරීම මූලික අරමුණ විය. ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන ශි‍්‍රමතාණන්ට සහ ආයතනයේ සේවය කර මියගිය සේවක මහත්ම මහත්මීන්ට පින් අනුමෝදන් කිරීම ද එහිදී සිදුවිය.

මෙම දම්දෙසුම ශ්‍රවණය කිරීම සඳහා ඉහත QR කේතය කියවන්න