Print this Article


තුන් සිත පහදා

තුන් සිත පහදා

ගොර මර සෙන් රුදු බල
සිඳ බිඳ ලැබ බුදු බව
සත් වග සිත් පුබුදු කළේ
පතුරා බුදු රැස් කඳ

මෙත් මුදිතා ගුණ තෙද
විහිදා සව් සත වෙත
තුන් සිත පහදා සැනසුනි
තිලොවග සම්බුදු රද

හදවත කර පුදසුන
මෙත් කරුණා පිනි ඉස
තබා වඳිම් සුවඳ කුසුම්
වැතිරී සිරිපද අස