Print this Article


රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මංගල්‍යය ජූලි 06 ආරම්භ වේ

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මංගල්‍යය ජූලි 06 ආරම්භ වේ

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසල මංගල්‍යය ජූලි මස 06 වෙනි දින ආරම්භ වේ.

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍ය සඳහා කප් සිටු වීම වර්ෂ 2024 වූ මැයි මස 24 දින සුභ මොහොතින් සිදුකෙරිණි.

අවසන් මහා රන්දෝලි පෙරහර ජූලි 21 පැවැත්වෙන අතර 22 වෙනි දින අලුයම මැණික්ගඟේ දියකැපීමෙන් උත්සව කටයුතු නිමාවට පත්වේ.

රන්දෝලි පෙරහරට සමගාමීව ජූලි 06 දා සිට ජූලි 21 දක්වා මඟුල් පෙරහර පැවැත්වෙන අතර ජූලි 21 - අවසන් මහ පෙරහර,ජූලි 22 - දිය කැපීමේ මංගල්‍යය පැවැත්වේ.