Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

 අම්බලන්ගොඩ වතුගෙදර ශී‍්‍ර මුදලින්දාරාම මහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ බෙන්තර වළල්ලාවිට කෝරළයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ගනේගම සිරි රතන හිමියන් ඇතුළු අපවත් වී වදාළ හිමිවරුන් අනුස්මරණය කිරීමේ සහ පින් පැමිණවීමේ වාර්ෂික පින්කම පසුගියදා සිදුවූ අතර, ඊට සමගාමීව කුලදරුවන් හය දෙනකු සසුන් ගත කිරීම සිදු විය. කුඩාගල අභයරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කුලදරුවන් පැවිදි කිරීමේ පින්කම සිදු කෙරිණි.
කරන්දෙනිය සමූහ අනුරාධ පි‍්‍රයදර්ශන

හෙයියන්තුඩුව ඩී.ජේ. ගනේගොඩ පරිත්‍යාගශීලී පදනම ඉතා විශාල වශයෙන් පින්කම් සිදු කරන පදනමක් වන අතර 2024 වසරේ සිදු කරන සුවිශේෂී පින්කමක් ලෙස අසරණ, පවුලකට නිවසක් තනා දීමට කටයුතු ආරම්භ කෙරිණි.  පිය සෙනෙහස පවා අහිමි වූ දරු දෙදෙනකුගෙන් යුත් රෝගී මවක විසින් විවිධ දුක්ගැහැට විඳ නඩත්තු කරන පවුලක් වෙනුවෙන් මෙම නිවස තනාදීම සිදු කෙරේ. මෙම පුණ්‍යකර්මය සඳහා පදනමේ ලේකම් ජයසිංහ ගනේගොඩ මහතා ප්‍රධාන සාමාජික සාමාජිකාවන් ප්‍රධාන දායකත්වය දරනු ඇත.