Print this Article


පෝදා පින්කම්
 

ඓතිහාසික ශී‍්‍ර කල්‍යාණි රාජමහා විහාරය

පෙ.ව. 6.00 - 7.00 සීල සමාදානය ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනාව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 10.00 - 11.00 “ධම්මපදයෙන් බිඳක්” කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ඇතිමලේ සීලානන්ද හිමි, පස්වරු 12.15 - 2.00 සීල භාවනා සමිතිය, 2.00 - 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 - 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රත්කරව්වේ පේමානන්ද හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ලුණුගම්වෙහෙර නාරද හිමි, 5.00 - 6.00 භාවනාව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධපූජාව ශාස්ත්‍රපති ඇටම්පිටියේ හේමවංශ හිමි.

පිළියන්දල සංකල්ප විහාරය

අප්‍රේල් මස 02 සිට අප්‍රේල් 06 දක්වා පිළියන්දල, මාකන්දන, සංකල්ප විහාරයේ වාර්ෂික ව පැවැත්වෙන දස ලක්ෂයක් මල් පූජා කිරීමේ අසිරිමත් මල් පින්කම 31වැනි වරටත් අත්‍යලංකාරයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. අප්‍රේල් 02 උදෑසන කිරි ආහාර සම්බුද්ධ පූජාව. රාත්‍රී 7.00ට අටවිසි බුද්ධ වන්දනාව සහිත බෝධිපූජාව පිළියන්දල සරණ හිමි පවත්වන අතර මේ හා සමගාමීව පින්කම් මාලාවක් සිදුකෙරේ.

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංශ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රණීත කිරි ආහාර පාත්‍ර 32ක් පූජා කිරීම, උදෑසන 5.30ට අෂ්ටාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති සීදුවේ සුමනවංශ නා හිමි, උදෑසන 6.00 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙ.ව. 7.15 -8.15 දක්වා ධර්ම දේශනාව ගෞරව ශාස්ත්‍රවේදී සඳගලතැන්නේ විමලසිරි හිමි පෙ.ව. 8.45-10.45 දක්වා ධර්ම සාකච්ඡාව මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන, ධර්මාචාර්ය කේ.එච්.ඒ.ආර්. කුමාරසිංහ, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර, ධර්මාචාර්ය කේ.ඒ.එස්.ආර්. දයානන්ද යන මහත්වරු විසින් පෙ.ව. 10.45ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා මුල්තැන් බුද්ධ පූජාව ප.ව. 12.00-12.30 සක්මන් භාවනාව, ප.ව. 01.15-02.15 දක්වා කාව්‍ය ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පූජ්‍ය ඇල්ලේවල ඉන්ද්‍රජෝති හිමි, ප.ව. 2.45-3.45 දක්වා විශේෂ ධර්ම සාකච්ඡාව වෛද්‍ය කීර්ති බණ්ඩාර රත්නායක මහතා, ප.ව. 3.45 - 4.45 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී ගල්වලයායේ සුගතරංසි හිමි, ප.ව.5.30 ට සැමට ආශිර්වාද පතා අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා, බෝධි පූජා පින්කම් පැවැත්වීමට නියමිත ය.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

උදෑසන 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 10 -11 ධර්ම දේශනය 11 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමියන් විසිනි. පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 - 2.00 ධර්ම දේශනාව සියඹලාගොඩ ධම්මින්ද හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි. 4.00 -5.00 ධර්ම දේශනාව කටුපොත සද්ධාසීල හිමි. රාත්‍රී 7.00 ට අටවිසි සම්බුද්ධ පූජාව.

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 7.00 - 8.00 හීල් දානය, 8.00 - 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනය ත්‍රිපිටකාචාර්ය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව දියසෙන්පුර විමලසීහ හිමි, පමුණුවිල නන්දවිමල හිමි, පස්වරු 12.15 - 12.20 පුණ්‍යානුමෝදනාව, 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ තලංගල්ලේ ධම්මධස්සි හිමි, බණ්ඩාරගම ධම්මවිජය හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව කථිකාචාර්ය ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති ඌරුගමුවේ අස්සජි නාහිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව කොබෙයිගනේ ධම්මදස්සි හිමි, ගිලන්පස, ප.ව. 4.00 - 5.00 ධර්ම දේශනය ගල්කිස්සේ සෝමානන්ද හිමි, 5.00 - 6.00 ධම්ම පදය විනයාචාර්ය මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නාහිමි.

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පෙ.ව. 08.30ට ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත මෝල්කාවේ යසස්සි හිමි, පෙ.ව. 09.30ට සදහම් වන්දනාව හා දවල් සම්බුදු පූජා වන්දනාව, ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ ප.ව. 1.30ට විශේෂ භාවනා වැඩසටහනකි. ශාස්ත්‍රපති වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ ප.ව 03.30 ට ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත වලපනේ රතනවංස හිමි, රාත්‍රී 7.00 ට ලෝවාසී සැමට සෙත් පතා විශේෂ ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා පින්කම.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 5.30 ප්‍රණීත ක්ෂීරපායාස පූජාව, පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය, සම්බුද්ධ පූජාව 9.00 ධර්ම දේශනාව හිගුරේ පඤ්ඤාසේකර හිමි, 9.30 - 10.30 ධර්ම දේශනාව ආචාර්ය නාඉම්බල ධම්මදස්සි හිමි, 10.30 - 11.00 සම්බුද්ධ පූජාව, පස්වරු 12.20 - 1.00 දම්සක් පැවතුම් සූත්‍රය, 1.00 - 2.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත රත්මලානේ රතනසිරි හිමි 2.00 -3.00 ධර්ම දේශනය දංකොටුවේ ධීරා සිල් මාතාව ධර්ම දේශනය පණ්ඩිත තලගල ධම්මගවේෂි හිමි, සවස 6.00 ට ගිලන්පස පූජාව.