Print this Article


හිපන්කන්දේ සද්ධාසිරි අනුනාහිමියෝ හැට අට වැනි ජන්ම දිනය සපුරති

හිපන්කන්දේ සද්ධාසිරි අනුනාහිමියෝ හැට අට වැනි ජන්ම දිනය සපුරති

පසුගිය මස 16 වන දිනට සිය දිවියෙහි හැටඅට වැනි වියට පා තැබූ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ධුරන්දර හිපන්කන්දේ සද්ධාසිරි නාහිමිපාණන් වහන්සේ සම්බුදු සසුනත්, ශ්‍රී ලාංකේය ජන සමාජයත්, බෞද්ධ අධ්‍යාපනයත් විෂයයෙහි සිදු කර ඇති උදාරතර සේවාව මිල කළ නොහැකිය.

උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය හා ශතවර්ෂාධික කාලයක් මේ සම්බුදු සසුනටත්, සකල ලෝ වැසි ජනතාවටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට ශක්තිය, ධෛර්ය, වසනාව දළදා සමිඳු පිහිටෙන් ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.