Print this Article


නවම් පෝදා දම් දෙසුම

නවම් පෝදා දම් දෙසුම

ලේක්හවුස් ආයතනය නවම් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් සංවිධානය කළ ධර්ම දේශනාමය පින්කම පසුගිය දා ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. එදින ධර්ම දේශනාමය පින්කමේ පින්බර දායකත්වය සාමාන්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නියෝජ්‍ය කළමනාකාර ධම්මික රාජපක්ෂ මහතා විසිනි.

ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දිනය සිහි කරමින් සහ ධම්මික රාජපක්ෂ මහතාගේ පියාණන් වන ආර්.එම්.කේ.ජී. කරුණාරත්න මහතාට සහ සෙසු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පින්කමේ මූලික අරමුණ විය.

සිරි වජිරඥාන සෙනසුන් වාසී පූජ්‍ය දියතලාවේ පියදස්සී හිමියන් විසින් දම් දෙසුම පැවැත්වූ අතර, ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් පින්කම සංවිධානය කෙරිණි. ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා ඇතුළු සේවක මහත්ම මහත්මීන් විශාල පිරිසක් ධර්ම දේශනාමය පින්කම සඳහා සහභාගි වූහ.