Print this Article


මං මුළාව

මං මුළාව

මනස මට ඉඩ දෙන්න
පසිඳුරන් පිනවනා
බිය ජනක රුදු සසර
දනව්වෙන් සමුගන්න

ආසාවෙ මිරිඟු දිය පසු පසේ
අප යන්නෙ මංමුළාවී භවේ

ඇස කන ද නාසය ද
දිව සිරුර පිනවන්න
මනස කියලා දුන්නෙ
තණ්හාවේ දැවටිලා

ආසාවෙ මිරිඟු දිය පසු පසේ
අප යන්නෙ මංමුළාවී භවේ

සුව දැනේ විඳීන විට
අනන්ත සිත තවන
දුක මිසක් වෙන යමක්
ඉතිරි වී නැත සතට

ආසාවෙ මිරිඟු දිය පසු පසේ

අප යන්නෙ මංමුළාවී භවේ