සාඩම්බර ඉතිහාසයක අනාගත කියවීම දිඹුලාගල බ්‍රාහ්මී ගිරිලිපිය ...
පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජික,
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ
මහාචාර්ය සෙනරත් පදනමේ ලේකම්
සිරිසමන් විජේතුංග
බුදු දහම හා සම්බන්ධ වූ පුරාණ සන්නිවේදන මාධ්‍යයක් වූ බ්‍රාහ්මී ශිලා ලේඛන ප්‍රධාන
වශයෙන් කොටස් සතරකි.
ලෙන් ලිපි - (Cave Inscriptions) කේව් ඉන්ස්ක්‍රිප්ෂන්ස්
පර්වත ලිපි - (Rock Inscription) රොක් ඉන්ස්ක්‍රිප්ෂන්ස්
ටැම් ලිපි - (Pillar Inscripions)
පිලර් ඉන්ස්ක්‍රිප්ෂන්ස්
පුවරු ලිපි - (SLAB Inscripions) ස්ලැබ් ඉන්ස්ක්‍රිප්ෂන්ස්
පුරාණ බ්‍රාහ්මී ශිලාලිපි පිහිටි ආකාරය අනුව එසේ වර්ග කර ඇත.
මෙකල ඉතා විශාල ජනතා අවධානයට ලක් වී ඇති පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් දිඹුලාගල
නාමල් පොකුණ පුරාවිද්‍යා ප්‍රදේශයෙහි පර්වත ලිපිය මේ ප්‍රදේශයේ තවත් හමුවන
බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලේඛන අනුව ද මෙම අක්ෂර ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට
අයත් සේ සැලකේ. පේළි දහයකින් යුක්ත මෙම ශිලාලේඛනය කියවා අර්ථ දැක්වීම සඳහා
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විද්වත්
කමිටුවක් පත් කිරීමට අවශ්‍ය කටයුතු කර ඇත.
දිඹුලාගල ශිලාලේඛන පිළිබඳ සඳහන් කරන විට බ්‍රාහ්මී අක්ෂරවලින් ලියන ලද තවත්
සෙල්ලිපි 16 මීට ඉහත දී සොයාගෙන ඇත. ඒවා දිඹුලාගල මාරවීදිය සෙල්ලිපි 4 දිඹුලාගල
කොස්ගහ උල්පත සෙල්ලිපි 2, දිඹුලාගල පුල්ලිගොඩ සෙල්ලිපි 1 ක් ලෙස වේ. දිඹුලාගල නාමල්
පොකුණේ ද මීට ඉහතදී සෙල්ලිපි 9 සොයා ගෙන ඇත. ඉහත සඳහන් කළ සෙල්ලිපි මහාචාර්ය සෙනරත්
පරණවිතාන පඬිවරයා විසින් ලියන ලද Inscripions of Ceylon - II
වෙළුමේ) දැකිය
හැකි ය.
නාමල් පොකුණ පුරාවිද්‍යා ස්ථානයෙහි නිල්දිය පොකුණ හා කාශ්‍යප ලෙනට කිලෝමීටර් දෙකක්
පමණ ඉහළින් පිහිටි ස්වභාවික දෙපළු වී ගිය ගල් කුළක පැති මුහුණතක මෙම ශිලාලේඛනය ලියා
ඇත.
නාමල් පොකුණ ශිලාලේඛනය පේළි දහයකින් යුක්ත ය. මෙතෙක් හමු වී ඇති විශාලතම සෙල්ලිපි
මෙය වුව ද දිගු කලක් තිස්සේ මෙය නිරාවරණය වී තිබුණු නිසා බොහෝ අක්ෂර වියැකී ඇතැයි
වාර්තා වී තිබේ. සෙල්ලිපිය පිටපත් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැනට වසර 130
කට වැඩි කාලයක් තිස්සේම සිදු කෙරෙන හෙයින් මෙම අක්ෂර හඳුනා ගැනීමට හැකි වන්නේ ය.
(ස්පර්ශ ලාංඡන) Stamp Page මුද්‍රිත පිටපත් ලබා ගැනීමෙන් පසුව ය.
දෙපාර්තමේන්තුවේ ශිල්පීන් විසින් මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ සේවා කාලයේ දී
(1940 - 1956) සිදු කිරීමට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල්
මහතා (1890 - 1912 ) විසින් ද මෙම කටයුතු කෙරේ විශේෂ අවධානය යොමු කර ඇත.
දිඹුලාගල නාමල් පොකුණ මෙම දැවැන්ත ශිලාලේඛනය හමුවීම ද ඉතා වැදගත් වන්නේ ය. 2023
වර්ෂයේ දී ජූලි 10 දා දිඹුලාගල නාමල් පොකුණ පිහිටි ප්‍රදේශයෙහි මී පැණි ලබා ගැනීම
පිණිස කැලේ ඇති මී කැඩීමට පුද්ගලයින් දෙදෙනකුට ඒ අතිවිශාල සෙල්ලිපිය දැක ගැනීමට
ලැබී ඇත. ඒ දෙදෙනා ඉන්පසු නාමල් පොකුණ කලාප පුරාවිද්‍යා කාර්යාලයට දැනුම් දී තිබේ.
2023 අගෝස්තු 17 වැනි දින අභිලේඛන අංශයේ පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී ඩී.ටී.
දයානන්ද මහතා ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් ඒ පිළිබඳ සොයා බලා ඇත. ගල් පර්වතයේ
විශාල ප්‍රදේශයක එම සෙල්ලිපිය තිබෙන අතර 2023 සැප්තැම්බර් මස 5 වන දින එම ස්ථානයට
ගොස් ලිපිය පිටපත් කිරීමට තීරණය කරන ලදි.
දිඹුලාගල කඳුවැටියේ නාමල් පොකුණ පිහිටි ප්‍රදේශ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක
වටිනාකම වටහාගත්, 1890දී පිහිටුවන ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1957
වර්ෂයේ දී දිඹුලාගල කඳුවැටිය ආශි‍්‍රත ප්‍ර‍්‍රදේශය පුරාවිද්‍යා ආරක්ෂිත ප්‍රදේශයක්
ලෙසට ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
උදුම්බරගිරි -
උදුම්බරපබ්බත
සාහිත්‍ය මූලාශ්‍රයන්හි විශේෂයෙන් පාලි භාෂාවෙන් ලියා ඇති මූලාශ්‍රයන්හි උදුම්බර
උදුම්බරගිරි නමැති ස්ථානය ගැන සඳහන් වී ඇත. වරෙක මලියදේව තෙරුන් ධර්ම දේශනා කළ
ස්ථානයක් ලෙසින් උදුම්බර පබ්බත කන්දේ චන්දමුඛ ලෙන නමැති ස්ථානය ගැන සහස්ස වත්ථුප්ප
කරණයෙහි සඳහන් වී ඇත. උදුම්බර හෙවත් උදුම්බරගිරි යනු දිඹුලාගල යන සිංහල නාමයේ පාලි
පරිවර්තනයයි. උදුම්බර පබ්බත පිහිටා තිබෙන්නේ අනුරාධපුරයේ සිට මහාගමයට යන මාර්ගයේ
බැව් ද එය මහවැලි නදියට ආසන්න වූ බැව් ද සහස්ස වත්ථුප්පකරණයෙහි සඳහන් වේ. මේ නිසා
උදුම්බර පබ්බත, උදුම්බර ගිරි සහ දිඹුලාගල යන නම් තුනෙන් ම අදහස් කරන ලද්දේ එකම
ස්ථානයකි. (සිවුර සහ නගුල - රණවීර ගුණවර්ධන පි. 46 - 1993)
දිඹුලාගල චිත්‍ර
දිඹුලාගල මාරවීදියේ ගල්ගෙයි මෑත දී එහි වෙසෙන යෝගි පුද්ගලයා විසින් එහි ගල් වියනේ
ගොම ගෑ නිසා එහි වූ සියලු චිත්‍ර විනාශ වී ගියේ ය.
(පාරම්පරික සිංහල බිතුසිතුවම් - කලාසූරී එස්.පී. චාර්ල්ස් පි. 19 - 1997)
දිඹුලාගල නාමල් පොකුණ ශිලාලිපිය නිසි ලෙස පිටපත් කිරීමට බාර දී ඇත්තේ ඒ සඳහා
දීර්ඝකාලීන ව පරපුරෙන් පරපුරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුහුණුව ලබන ලද ශිල්පීන්
විසින් ඒවා පිටපත් කරන හෙයිනි.
මේ ශිලාලිපිය කියැවූ පසු අප රටේ ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක් මතුවනු ඇතැයි අපගේ
විශ්වාසයයි. |