ධනය සොයා ගිය සිටුවරු
කන්දේගම කුසලධම්ම හිමි
බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයක් වන පන්සියපනස් ජාතක පොත් වහන්සේගේ අන්තර්ගත වණ්ණුපථ,
අපණ්ණක වැනි ජාතක කතාවල වෙළෙඳ කුල, වෙළෙඳ මාර්ග, වෙළෙඳ කණ්ඩායම් ආදී තොරතුරු දැකගත
හැකි ය. තවද අනතුරුදායක අමනුෂ්‍ය උපද්‍රවයන්ගෙන් ගහණ කාන්තාර තරණය කරමින් දුර බැහැර
නගරවලට ගොස් වෙළඳාම් කළ අයුරු ද ජාතක කතා තුළින් දැක ගත හැකි ය.
එක්තරා සිටුවරයෙක් විසීය. ඔහු සාත්තුවාහක යන නාමයෙන් හැඳින් වූ අතර, ගැල් පන්සියයක
නායකයා ද විය. මහ ධන සිටුවරු ලෙස ප්‍රකට වූයේ එබඳු විශාල ධනයකින් යුක්ත වූවන් ය.
තවද සාත්තුවාහක කුල නමින් එම වෙළෙඳ පවුල් හැඳින්වූ අයුරු ද දක්නට ලැබේ. මෙම
වෙළෙන්ඳන් ප්‍රධාන වෙළඳ මාර්ග, කෙටි මාවත්, අධික ලාභ ලැබෙන ක්‍රම ආදිය ගැන ද දැන
සිටියහ. ඔවුන් වෙළඳමේ යන ඒ ඒ නගරවල දී හමුවන වෙළෙන්ඳන්ගේ මාර්ගයෙන් වෙළඳාමට අදාළ,
තොරතුරු දැනගෙන වෙළෙඳාම් කරයි.
ඒ වගේම සේරිවාණිජ ජාතක කතාවට අනුව නගරවල වීථි බෙදාගෙන වෙළඳාම් කළ අයුරු දක්නට ලැබේ.
මිගපක්ඛි ජාතකයට අනුව වෙළෙන්දන් එකතුව වෘත්තීය සමිති පිහිටුවා ගෙන සිටි බව පෙනේ.
වෙළෙඳාමේ දී එළවළු, පලතුරු, රසකැවිලි, ආහාරපාන, ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන්,
රන්,රිදී, මුතු, මැණික් ආදී විවිධ භාණ්ඩ වෙළෙඳාම් කර ඇත. සංචාරක වෙළෙඳාම, පදික
වෙළෙඳාම, ස්ථාවර වෙළෙඳාම වැනි වෙළඳ ක්‍රම එකල භාවිත කර ඇති බව ද දක්නට ලැබේ.
වෙළෙන්ඳන්ගේ වෙළඳ සංවිධාන නිගම, සංඝ, ශ්‍රේණි, සූග, නිකාය වැනි නම් හඳුන්වා ඇත. එම
සංවිධානවල ප්‍රධානීන් ප්‍රමුඛ, ජෙට්ඨක වැනි නම්වලින් පෙනී සිටියහ. ජාතක කතාවල
කම්මකානි, ජෙට්ඨක, මාලාකාරජෙට්ඨක, වඩ්ඪතිජෙට්ඨක වැනි නාමයන් දක්නට ලැබීමෙන් ඒ බව
තහවුරු වේ. එසේම වෙළෙඳ ප්‍රධානීන් රජයේ ප්‍රධාන නිලතලවලට පත්ව ඇත. මෙම වෙළෙන්ඳන්
පොදු හා ආගමික ආයතනවලට මෙන්ම රජයට ද, පරිත්‍යග මඟින් ආධාර ලබා දී ඇති බව ද බෞද්ධ
සාහිත්‍යයේ දක්නට ලැබේ. |