සදාචාරාත්මක ජීවිතයේ පැවැත්ම
ඉන්ද්‍රිය සංවරයයි
හිරිඔතප් නිසා සමාජ සාරධර්ම රැකේ. ඇතැමෙක් තිරිසන් ගති ස්වභාවයක් දක්වන්නේ හිරිඔතප්
බිඳුණු නිසා ය. ඇතැම් වැරැදි ක්‍රියා කාලාන්තරයක් තිස්සේ කරගෙන ඒම නිසා වැරැද්දක්
බවට නොහැඟේ
සිල් රැකීමේ ආසන්න කාරණය හෙවත් හේතුව හිරි හා ඔත්තප්ප යන සෝබන චෛතසික දෙකයි. හිරි
යනු පවු කිරීමට තිබෙන ලජ්ජාවයි. ඔත්තප්ප කියන්නේ පවු කිරීමට තියෙන භයයි. ලෝක පාලක
ධර්ම වශයෙන් ද ඒවා හඳුන්වයි. කෙනෙක් පවු කිරීමට තිබෙන ලජ්ජාව නිසා දුශ්චරිතවලින්
වළකී.
ඇතැමෙක් මේ දෙකම නිසා දුශ්චරිත නොකර සිටී. හිරියෙහි විරුද්ධ වචනය අහිරික යි. (පවු
කිරීමට තිබෙන ලජ්ජා නැතිකම) ඔත්තප්පයේ විරුද්ධ වචනය අනොත්තප්ප යි. (පවු කිරීමට
තිබෙන භය නැති කමයි. හිරිඔතප් නිසා සමාජ සාරධර්ම රැකේ. ඇතැමෙක් තිරිසන් ගති
ස්වභාවයක් දක්වන්නේ හිරිඔතප් බිඳුණු නිසා ය. ඇතැම් වැරැදි ක්‍රියා කාලාන්තරයක්
තිස්සේ කරගෙන ඒම නිසා වැරැද්දක් බවට නොහැඟේ. සිදු කළ යුතු චාරිත්‍රයක් යැයි හැඟේ.
මේ ආකාරයට ප්‍රපංච ගොඩනැඟීම ම අතිශය ඛේදනීයයි.
හිරිඔතප් සහිත මෘදු මොළොක් ගති ගිහි පැවිදි දෙපිරිසට ම අත්‍යවශ්‍යයි. දිනක්
බුදුරජාණන් වහන්සේ, අලුත විවාහපත් කාන්තාවක් යම් රැයෙක හෝ දවසක හෝ කැඳවාගෙන එන
ලදුව. ආ අලුත ඇය නැන්දම්මා කෙරෙහි ද, මාමා කෙරෙහි ද, ස්වාමියා කෙරෙහි ද, පමණක් නොව
දාස කම්කරු පුරුෂයන් කෙරෙහි පවා අතිශය විලිබිය සහිත වේ.
එබඳු වධූකාව (ලේලි භාර්යාව) එදා එහෙම වෙතත් ටික කලක් ගත වීමෙන් නැන්දා මාමා පමණක්
නොව, ස්වාමි පුත්‍රයා කෙරෙහි ද, ලජ්ජා, බිය නැතිව තොපි කුමක් ද නිවුද? මෙතැනින්
ඉවත්ව යවු”යි. වශයෙන් දරදඬු ස්වභාවය ඇති වේ. එම නිසා අලුත ගෙනා මනමාලියක සේ සිතට
බඳු සිතින් විලිබිය සහිත වන්නෙමු හික්මිය යුතුයැයි. භික්ෂූන්ට වදාරති. (තස්මාතිහ
භික්ඛවේ එව ං හි සික්ඛිතබ්බං අධුනාගත වධුකා සමෙන චෙතසා විහරිස්සාම)
අධිපති ධර්ම
කෙනෙක් අධිපති ධර්ම ගුරු තන්හි තබා කායික වාචසික සංවරය ඇති කර ගනිති. අධිපති ධර්ම
මුල් කොට සීලය රැකීම, ප්‍රායෝගිකව පුහුණු කළ හැකි ඉතා හොඳ ධර්ම ක්‍රමයකි. ඒවා නම්,
1.අත්තාධිපතෙය්‍ය 2. ලොකාධිපතෙය්‍ය 3. ධම්මාධිපතෙය්‍ය යන කරුණු ය.
අත්තාධිපතෙය්‍ය සීලය
අත්තාධිපතෙය්‍ය යනු තමන්ට නුසුදුසු දේ අත්හැර තමා ම ගුරු කොට තමා කෙරෙහි ම ගෞරවයෙන්
වැරැදිවලින් වැළකී සිල් රැකීමයි. ආත්ම ගරුත්වය නොකෙලෙසා ආත්ම ගරුත්වය රැකෙන සේ
ජීවත්වීම යනු මෙය ම යි.
ලෝකාධිපතෙය්‍ය සීලය
ලෝකයාගෙන් පැමිණෙන අපවාදවලට බියෙන් – ලජ්ජාවෙන් වැරැදි නොකර සංවර වීමයි. “මත් වතුර
බොන නිසා මට නොයෙක් දොස් පරොස් නින්දා අපහාස කරනවා. එයින් වැළකී සිටීමට ඕනෑ” ආදී
වශයෙන් සලකා ලෝකාපවාදයෙන් ගැලවීමට කෙනෙක් වැරැදිවලින් වැළකී සිටිත්.
ධම්මාධිපතෙය්‍ය සීලය
ධර්මය ගුරුතන්හි හෙවත් විශ්වාස කරන්නා – අදහන්නා (ආවිතයා) වශයෙන් තබා දුශ්චරිතවලින්
වැළකී සිටීමයි. මේ ක්‍රමය එනම් ධර්මය ආප්තයා (විශ්වාස කරන්නා) වශයෙන් ගැනීම ම
නොවරදින මඟයි.
නිදසුනක් වශයෙන් වර්තමාන සමාජයේ කුඩු වැනි සමාජ විරෝධි ව්‍යාපාරවල නියැළෙන්නන්
සුපිරි ජීවිත ගත කරනු පෙනෙයි. යමෙක් එවැන්නන් ආදර්ශයට ගෙන තමනුත් එවැනි ව්‍යාපාරවලට
සම්බන්ධ වී ඉක්මනින් ඉපැයීමට පෙළඹෙති. යම් අවස්ථාවක නීතියේ රැහැනට ඔහු අසු වී
දුක්පීඩා විඳියි. ධම්මාධිපතෙය්‍ය වශයෙන් සීලය ආරක්ෂා කළා නම් එවන් ශෝචනීය තත්ත්වයක්
ඔවුන්ට උදා නොවේ. තවද සත් ව්‍යාපාරවලින් ජීවත්වීම ආජීව පාරිශුද්ධ සීලයට ද හේතු වේ.
මේ නිසා සමාජය නොඅදහා ධර්මය ආප්තය වශයෙන් සලකා ජීවන රටාව ගොඩනඟා ගැනීම නොවරදින මඟ
(අපන්තක පටිපදා) වේ. ආත්තාධිපතෙය්‍ය වශයෙන් “තමකම” හිතට ගත් විට මාන්‍යාදී
කෙලෙස්වලින් බරිතව දූෂිත වේ. මෙනිසා අධිපති ධර්මයන්ගෙන්, ධම්මාධිපතෙය්‍ය සීලය වඩා
වැදගත් බව පැහැදිලි ය.
ඉන්ද්‍රිය සංවරය
ඇස්,කන්, නාසා, දිව, කය, මන යන ඉන්ද්‍රිය සය සංවරශීලී ව පරිහරණය කිරීම සදාචාරාත්මක
ජීවිතයේ පැවැත්ම වේ. ඉන්ද්‍රිය සංවර ශීලය යනු එයයි. මේවා ගැන එකින් එක පැහැදිලි
කිරීම අවශ්‍ය නැතත් එකක් දෙකක් හෝ සඳහන් කිරීම වැදගත් වේ.
ඔබේ රෝගයට පැණි රස අගුණයි. එයින් වැළකී සිටින්නට යැයි කී වරක් දොස්තර මහතා ඔබට
අවවාද කර තිබේද? එහෙත් රසයෙහි ගිජු වූ ඔබට ඉන් වැළකී සිටීමට අපහසුයි නේද? දිව නමැති
ඉන්ද්‍රිය සංවර කර ගත්තා නම් එවන් තත්ත්වයකට පත් නොවේ.
ඇතැම්හු කය පිනවීමට දවසකට මුදල්, ශ්‍රමය, කාලය කොපමණ වැය කරත්ද? එනිසාම අපකීර්තියට
පමණක් නොවේ, ජීවිත හානියට ද පත්වූ අවස්ථා නොවෙත් ද? මැදිවියේ අයගේ ග්‍රහණයට අසුවී
විනාශ වන ළදරු ජීවිත දිනෙන් දින වැඩිවෙයි. කායික ඉන්ද්‍රිය සංවර කර ගන්නට උත්සාහ
කළා නම්, සැනසීමට පත්වේ.
ඔබට යුක්ති සහගතව ධර්මානුකූලව ඉන්ද්‍රිය පිනවීමට බුදු දහමින් තහංචි නැත. කෙනෙක්
ආවාහ විවාහ වී අඹුදරුවන් පෝෂණය කරමින් පී‍්‍රතිමත්ව ජීවත්වීම අගාරික බ්‍රහ්මචරිය
(සදාර බ්‍රහ්මචරිය) ලෙස හඳුන්වයි. එයත් සීලයකි. එවන් ජීවිත ගත කරන කාමභෝගී ගිහියෝ
දෙවියන්ගේ වැඳුම් පිඳුම්වලට පවා පාත්‍ර වෙති. ඒ බව “පින් කරන සිල්වත්
ස්වාමිපුරුෂයෙක් දැහැමින් අඹුදරුවන් පෝෂණය කරයි ද මම ඔවුන් වඳිමි යනුවෙන් මාතලී
දෙවියාට ශක්‍ර දේවේන්ද්‍රයා පැවසීමෙන් පැහැදිලි වේ.
භක්තිවාදය පෙරදැරිව බෞද්ධ ශීලය ව්‍රතයක් කර ගත් පිරිසක් ද මේ සමාජයේ සිටිති. මේ
සඳහා ඇතැම් භික්ෂූන් වහන්සේ විසින් ද අනුශාසනා පවත්වනු පෙනේ. එසේ පිළිපැදීමෙනුත්
උක්ත පරමාර්ථ සාධනය නොවේ. ශීලව්‍රත බුදුදහම ප්‍රතික්ෂේප කරයි. විමර්ශනශීලිව විටෙක
බුද්ධියෙන් මේවා අවබෝධ කර ගත යුතු ය.
ධර්මය දැනගත්තත් ඒවා පිළිපදින්නේ නැත්නම් එයින්ද ශාන්තියක් නොවේ. දැන ගැනීමත්,
පිලිපැදීමත් දෙ අංශයම බෞද්ධ ජීවිතයට අත්‍යවශ්‍ය වේ. දැනීමෙනුත් (විජාජා) හැදීමෙනුත්
(චරණ) අගතැන් පත් නිසා බුදුරජාණන් වහන්සේ “විජ්ජාචරණ” වන සේක. මේ බුදු ගුණ තොල්
මැතිරීම නොව, කළ යුත්තේ පුරුදු පුහුණු කිරීමයි.
සීලයෙන් ම නිවන් ද අවබෝධ කර ගත නොහැකිය. එහෙත් නිවන් මාර්ගය සාක්ෂාත් කිරීමට ශීලය
උපනිශ්‍රය ඉවහල් වේ.
ඔබ යම් කරුණක් හේතු කොට මොහොතක් ක්ෂණිකව ම ආවේගශීලි වේ. (කේන්තියට පත් වේ) කළ යුතු
නො කළ යුතු දේ නොවැටහේ. මම සිල්වතෙක් කියා, ඒ මොහොතේ වහා සිතන්න. හදවතේ කැකෑරෙමින්
නැඟී එන චිත්තාවේගය කයින්, වචනයෙන් එළියට නොදා සිටින්න. ඉවසීම ඇති කර ගන්න. සීලයේ
ප්‍රභේද සිහිනොවුණක් එලෙස පුහුණුව ලබා සිටී නම්, සැනසිල්ල ඔබට උදාවේ.
උභින්නමත්ථං චරති අත්තනොච පරස්සච
පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්පති
යමෙක් අනුන් කිපී සිටිනවා ද දැන සන්සිඳේ නම් ඔහු තමාට ද අනුන්ට ද යන දෙදෙනාට ම
යහපතක් සිදු කර ගනී.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ
ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
හේමමාලා රන්දුනු |