Print this Article


අසිරිමත් වන මල් පූජාවක්

අසිරිමත් වන මල් පූජාවක්

ඓතිහාසික හොරණ රාජමහා විහාරවාසී මහා සංඝ රත්නයේ ගෞරවණීය අනුශාසකත්වයෙන්, හොරණ ගල්කඩුව සුහද සුබ සාධක සංගමය, රාජමහා විහාර දායක සභාව හා ප්‍රදේශවාසීන් එක්ව මෙවර කඨින පින්කමට සමගාමීව සංවිධානය කළ හොරණ අසිරිමත් වන මල්පූජාව පසුගිය වප් පුන් පොහෝ දින හොරණ රාජමහා විහාරයේ චෛත්‍ය රාජයාණන් අභියස දී සිදු කෙරිණි. හොරණ රාජමහා විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ කෝටියක් වනමල් යොදා ගෙන බුද්ධ රශ්මියේ ෂඩ් වර්ණයෙන් සැරසීම හොරණ වන මල් පූජාව තුළින් සිදු විණි.

පුන් පොහෝ දින දවස පුරාම සැදැහැවතුන් විසින් සෑ රදුන් සැරසීමට උරදුන් අතර පොහෝ දින සවස 7.00ට කෝටියක් වන මල් සහිත උතුªම් බුද්ධ පූජාව මෙහෙයවනු ලැබුවේ පාදුක්ක නැඟෙනහිර හොරගල ශ්‍රී ගුණතිලකාරාම පුරාණ මහා විහාරාධිකාරී රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම දේශක කාව්‍ය ශ්‍රී මීපේ ඤාණවිමල හිමියන් විසිනි.