Print this Article


සසුනඹර එකලු කළ අරම ධම්මතිලක නාහිමි

සසුනඹර එකලු කළ අරම ධම්මතිලක නාහිමි

ස්වකීය ජීවන ගමනේ අසූ තෙවෙනි වියට (2023.11.18) පා තබන අප නාහිමියෝ සිය පැවිදි දිවියේ හැත්තෑ එක් වසක් ගෙවමින් ලෝ සසුන් වැඩ සදමින් වැඩ වසති.

මල්වතු මහ වෙහෙරෙන් “කීර්ති ශ්‍රී වාගීශ්වර විනයාචාර්ය” යන අභිධානය සහිතව කොළඹ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබීම උන්වහන්සේගේ ‘ශාසනික මෙහෙවරට ලැබුණු ශ්‍රේෂ්ඨ ප්‍රශංසාපත්‍රය වන්නේ ය.

වසර හැත්තෑවකට අධික ස්වකීය පැවිදි දිවිය ලෝ වැඩ වැඩු අප නා හිමියන් ශාසනික වශයෙන් හා ශාස්ත්‍රීය වශයෙන් සිදු කළ මෙහෙය සදානුස්මරණීය වෙයි. අප අරම ධම්මතිලක නා හිමියන්ට දිගා සිරි ලැබේවායි ප්‍රාර්ථනා කරමු.