Print this Article


කෙලෙස් මලින් අඳවී

කෙලෙස් මලින් අඳවී

බුදුන් පුතු අරිහතුන් සුවහස්
උපන් හෙළ දෙරණේ
බුදුන් දම් සඟ රුවන් සිරිමත්
පිරිත් සර නැඟුණේ
මරුන් කෙළි මඬලක්ව
දුසිරිත් අන්තයට පිරිහේ

සවන් යුග කුල්මතින් මිහිරිව
ගිලේ රස සයුරේ
ගිමන් නිම වන නිවන් හමුවන
දනන් නැත පෙනුණේ
කෙලෙස් පටලින් වැසුණු මනසට
දහම් ගුණ නොදැනේ

නුවන් ඇස රන් රුවන් පිළිරු
දැකුම් නැත බැඳුණේ
දහම් නොඇසුණු සිතින් කෙදිනද
බුදුන් රුව දකිනේ
කෙලෙස් මලින් සතන් අඳවී
නිවන් මඟ නොපෙනේ