කුසල් කිරීම
යහපත් දැකීමකි
නිවනට සිල් අවශ්‍ය නැති බව කෙනෙක් කියති. බුදු රජාණන් වහන්සේ එදා තිබුණ බමුණු
සමාජයේ වූ ධර්ම කරුණු ඒ අයුරින්ම දේශනා කොට ඇති බව සමහරු කියති. බොහෝ අය ඒ නිසාම
දුස්ශීලව කටයුතු කරති. සැම දිනකම අප දකින්නේ මහා අපරාධයි. මරණවල ඇත්තේ දැඩි වෛරී
බවකි. ඝාතන කර අතපය, බෙල්ල කපා වෙන් කර ඒවා එක් තැනක නොව තුන් තැනක දමයි. හොරකම්
වංචා සිදු කරයි. ස්තී‍්‍ර දූෂණ, ළමයින්ට සිදු කරන කෲරකම් දක්නට ලැබෙයි. දිනකට අප
දකින ප්‍රවෘත්ති තුළ බහුලව දක්නට ඇත්තේ මේ අපරාධයි.
සීලය අවශ්‍ය නැත කීවා සේ ම මෙලොවක් නැත. පරලොවක් නැත. දිව්‍යලෝක නැත. අපාය නැත.පින්
නැත, පව් නැත. ඔය අපාය දිව්‍යලෝකය ඇත්තේත් මේ මිනිස් ලොව ම බව කියන මේ මිථ්‍යා
දෘෂ්ටික ධර්මය දැක්ම අපරාධවල මුල වේ.
දේවදූත සූත්‍රයේ දී පුද්ගලයා පවින් වළකින හේතු ටිකක් වෙයි. ඒ එක් හේතුවක් නම්
අපායගාමී ව විඳින දුක් ගැන දැනීමයි. මේ දුකට අකැමැති පුද්ගලයා පවින් වළකියි.
දිව්‍යලෝක සැපට කැමති පුද්ගලයා පින්වල නිරත වෙයි. දිව්‍ය ලෝක තතු විමානවත්තු දේශනා
තුළින් දැන ගනියි.
මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය වර්ගයේ සම්මා දිට්ඨි සූත්‍රයේ අකුසලය ගැන දැකීම, අකුසල්
ඇතිවෙන මුල් ගැන දැකීම, කුසලය දැකීම, කුසල් මුල් දැකීම සම්‍යදෘෂ්ටියක්, යහපත්
දැක්මක් ලෙස දක්වයි.
සතුන් මැරීම,සොරකම් කිරීම,වැරැදි කාම සේවනය, බොරු කීම, කේළම් කීම, පරුෂ වචන
කීම,හිස් වචන කීම,අනුන් සතු දේ තමන්ට අත් කර ගැනීමේ ලෝභි බව, තරහ ඇති කර ගැනීම,
මිථ්‍යා දෘෂ්ටිය අකුසල් බව කියයි. ඒ අකුසල් ඇති වීමට බලපාන ලෝභය හෙවත් ආශාව, ද්වේශය
හෙවත් තරහ, මෝහය හෙවත් මුළාව අකුසල් මුල් වෙයි.
අභිධර්මයට අනුව අකුසල් සිත් දොළහක් වෙයි. මේ අකුසල් සිත්වල උපදින සිතිවිලි අකුසල
චෛතසික දා හතරකි. ඒ සිත් හා සිතිවිලි මුල්ව පව් කරයි. ඒ අකුසල් සිත් උපදින්නේ ලෝභ,
ද්වේෂ, මෝහ නම් වු අකුසල් මුල් පදනම් කොටගෙන ය. ලෝභය මුල්ව සිත් අටක්, ද්වේෂය මුල්ව
සිත් දෙකක්, මෝහය මුල්ව සිත් දෙකක් ආදි ලෙස උපදියි. මේ ගැන දැක්ම යහපත් දැක්මකි. ඒ
දැක්ම අපරාධ වළකයි.
කුසලය හා කුසල මූලය දැකීම ද සම්මා දිට්ඨියකි. සතුන් මැරීමෙන් වැළකීම, සතුන්ට
මෛත්‍රී සහගත වීම, සොරකම් කිරීමෙන් වැළකීම අන් දේපළ සුරැකීම, වැරැදි කම්සැප
විඳීමෙන් වැළකීම, සමාජ සම්මත නීතිරීතීන්ට අනුව පසිඳුරන් පිනවීම. බොරුකීමෙන් වැළකීම,
සත්‍ය වචන කථා කිරීම, කේළාම් කීමෙන් වැළකීම, සමගිය වර්ධනය වන වචන කථා කිරීම, පරුෂ
වචන කීමෙන් වැළකීම, පි‍්‍රය වචන කථා කිරීම, හිස්වචන කීමෙන් වැළකීම අර්ථවත් වචන කථා
කිරීම, අන්සතු දේට ලෝභී නොවීම, සියල්ල කැඩෙන බිඳෙන, සිඳෙන ,නැසෙන. වෙනස්වන දේ බව
දැකීම. තරහා නැති බව, මෛති‍්‍ර සහගත වීම, මථ්‍යාදෘෂ්ටියෙන් තොර වීම, සම්මා දිට්ඨිය
හෙවත් යහපත් දැක්මක් ඇති කර ගැනීම දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති
කිරීමේ මාර්ගය දැක්ම, ඒ මාර්ගයෙහි යෑම සම්මා දෘෂ්ටියකි. යහපත් දැක්මකි. ඒ නිසා
කුසල් කරයි. ඒ කුසල් කිරීමට මුල් වූයේ අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල මූලයන් ය. කුසල
මුල් මුල්ව උපදින සෝබන සිත් හි සෝබන චෛතසික උපදී. ඒ තුළින් පින් සිදු කරයි.
අප කරන සියල්ල සඳහා ප්‍රති විපාකයක් වෙයි. පුද්ගලයා සම්බන්ධ ව බලපාන නියාම ධර්ම අතර
කම්ම නියාමය ප්‍රබල වෙයි. මෙලොව දී හෝ ඊළඟ භවයේ දී හෝ භව සංසාරයේ කවදා හෝ එය විපාක
දෙයි. පින් පව් දෙකෙහි ම ඵල විපාක වෙන වෙන ම දැක, යහපත අයහපත දැන යහපතෙහි යෙදීම
සම්මා දෘෂ්ටියකි. එසේ ජීවත් වීම භව සසරෙහි සංසාර ගමන සාර්ථක කර ගැනීමක් බව බෝසත්
කථා තුළින් ද පැහැදිලි වෙයි. මේ සදහා නිදසුනකි කිංඡන්ද ජාතකය.
බ්‍රහ්මදත්ත නම් රජෙක් වෙයි. ඔහු පෙහෙවස් සමාදන් ව රට පාලනය කරයි. ඔහුගේ පුරෝහිතයා
එසේ නොවෙයි. අල්ලස් ගනියි. දුෂ්ට කි‍්‍රයා කරයි. තම රාජ්‍ය බලය උපයෝගි කොට ගෙන
අනුන්ට හිංසා වන අයුරින් සිටියි. මේ පුරෝහිතයා සිල්ගත් උවැසියකට දිනක් රස අඹයක්
පුජා කළේ ය. මේ කළ පින්කම නිසා මොහු විමාන ප්‍රේතයකු ව උපන්නේ ය. ඒ කොසිනික නම් ගග
සමීපයේ ය. මේ ප්‍රේතයාගේ දහවල් කාලය හා රාතී‍්‍ර කාලය වෙනස් වෙයි. අල්ලස් ගත්
නිසා,සොරකම් කළ නිසා , රළුකම් කළ නිසා දහවල දැඩි වේදනාවෙන් පසු වෙයි. තම ඇඟ මස් කඩා
කයි. අඹය පූජා කළ පින නිසා රාතී‍්‍ර කාලයෙහි දහසක් දෙවඟනන් පිරිවරා අපමණ සැප සම්පත්
විඳියි. බරණැස් රජු ද රජ සැප හැර දමා එම ගඟ ළඟ තපස් රකියි. ගඟෙහි ආ මිහිරි අඹයක් කා
ඒ රසයට ලොල් ව තව අඹයක් එනතුරු තපස් නොරැක එතැන බලා සිටියි. රජ සැප අතරැ අඹ රස නිසා
තපස අතහැර සිටින මොහුට පිහිට විය යුතු යැයි සිතූ දෙවඟනක් ඔහු ඒ රස අඹ ඇති උයනට
ගෙනැවිත් දැම්මා ය. එහි දී ඔහුට පෙර කී විමාන ප්‍රේතයා හමුවෙයි. ඔහුගේ කථාව ඇසු රජු
සසර ගැන බිය ව යළි වනගතව තපස් රකින්නට විය.
සුදනනි සසර ස්වභාවය එලෙස ය. එහෙයින් මිථ්‍යා දෘෂ්ටියෙන් මත් ව පව්කම් හි නොයෙදෙමු.
සම්‍යයක් දෘෂ්ටිය ඇති කොට ගෙන කුසල් හි යෙදෙමු. භව සසර ජය ගනිමු.
ඌවේ සියම් මහා නිකායේ මහා ලේඛකාධිකාරි,
වැලිමඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති,
කැප්පෙටිපොල, පාලුගම, ශී‍්‍ර සුභද්‍රාරාම මහා විහාරාධිපති,
ශාස්ත්‍රපති,
අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි |