ආදරය
කාම බන්ධනයක් නොවෙයි
කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
ආදරය පිළිබඳ විවිධ අර්ථකතන තිබෙනවා. සමාජයේ නිතර කතාබහට ලක්වෙනවා. සමහරු ආදරය
ලබනවා. ආදරයෙන් පැරදෙනවා. ස්වාමීන් වහන්ස, සම්බුදු දහම තුළ ආදරය ප්‍රතික්ෂේප කරනවා
ද?
බුදු දහමට අනුව ආදරය, සෙනෙහස, ලෙන්ගතුකම, ප්‍රේමය, දයාව වැනි හැඟීම් පුළුල්
අර්ථයෙන් පැහැදිලි කරනවා මෛතී‍්‍රය ලෙසට. එය බුදුරජාණන් වහන්සේ මොනයම් මොහොතකවත්
ප්‍රතික්ෂේප කළේ නැහැ. උන්වහන්සේ ආදරය, මෛතී‍්‍රය, ප්‍රේමය, දයාව, කරුණාව දැක් වූ
ශ්‍රේෂ්ඨ ශාස්තෘන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ ලෝකයට දේශනා කළේ “සංකප්ප රාගෝ -
පුරිසස්ස කාමෝ“ කාමය, රාගය කියන ස්වභාවය වස්තුවක් තුළ සඳහන් වන දෙයක් නොවේ. එය
පවතින්නේ තම තමන්ගේ සිත්වලයි. ලස්සන හෝ අවලස්සන යන හැඟීම් හට ගන්නේ සිත තුළයි.
වස්තුව මත නොවෙයි.
ඒ කියන්නේ ආදරය මායාවක් ද?
තථාගත දේශනාවේ දී නව යොවුන් වියේ ප්‍රේමය පමණක් ප්‍රේමය ලෙස අර්ථ ගන්වන්නේ නැහැ.
මාතෘ ප්‍රේමය, පීතෘ ප්‍රේමය, දාරක ප්‍රේමය මේ කියන සෑම අංශයක ම ආදරය, සෙනෙහස,
ප්‍රේමය කියන කාරණය අන්තර්ගතයි. එම හැඟීම පොදුවේ මෛත්‍රිය නැති නම් හිතවත්කම,
ලෙන්ගතුකම ලෙස බුදු දහමේ අර්ථවත් කළා.
ආදරය කියන්නේ මනෝභාවයක්. මායාවක් නොවෙයි. නමුත් සමහර වෙලාවට ඇතැම් කෙනෙක් මේ ආදරය,
ප්‍රේමය කියන කාරණය පරිභෝජන සිතිවිල්ලක් හැටියට තමන්ගේ පටු අරමුණු පටු සීමාවන්
සාධනය කර ගන්න මෙවලමක් ලෙස යොදා ගන්නවා. එයයි අප වරදක් කොට සලකන්නේ.
තමන්ගේ පණටත් වඩා අනුන්ගේ පණට ආදරය කරන්න පුළුවන් ද?
මල්ලිකා සුත්‍රයේ දී මල්ලිකාව පිළිබඳ මල්ලිකාවගේ ආදරය, සෙනෙහස පිළිබඳ බුදුරජාණන්
වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කළා. කොසොල් රජතුමා මල්ලිකාවගෙන් අසනවා, “ඔබ මේ ලෝකයේ
වැඩිපුරම ආදරය කරන්නේ කාට ද? මල්ලිකාව පවසනවා මේ ලෝකයේ මම වැඩියෙන් ම ආදරය කරන්නේ
මටයි. ඒ පිළිතුරින් කොසොල් රජතුමාගේ සිත රිදුණා. කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට
එනවා. “බුදුරජාණන් වහන්ස, මම මල්ලිකාවගෙන් මෙහෙම පැනයක් ඇසුවා. ඇය වැඩිපුර ම ආදරය
කරන්නේ කාට ද? කියලා. මෙසේ උත්තර දෙනවා. ඇය වැඩිපුර ම ආදරය කරන්නේ ඇයට ම යැයි කියා“
රජතුමාගේ ස්වභාවය බොහොම දුක්මුසුයි. බුදුරජාණන් වහන්සේ රජතුමාට දුන්නේ මෙවැනි
පිළිතුරක්. රජතුමනි, මේ ලෝකයේ හැම කෙනෙක් ම වැඩිපුර ම ආදරය කරන්නේ තමන්ට ම යි. ඇය
කී දේ සත්‍යයයි. කෙනෙක් යම් දෙයක් පිළිබඳ තීන්දුවක් ගන්නේ පළමුව තමන් ගැන
සිතීමෙනුයි. ඒක වරදක් නොවෙයි. තමන් තමන්ට ආදරය කරනවා නම්, ඒ හැමෝ ම අනිකාටත් ආදරය
කරනවා. තමන් තමන්ට ආදරය කරන්නේ නැති නම් අනෙකාටත් ආදරය කරන්නේ නැහැ.
යොවුන් වියේ පසුවන සමහර දරුවෝ පේ‍්‍රම කරනවා. යම් හෙයකින් ප්‍රේමය බිඳී ගියොත්
කෝච්චියට පනින්න, අතපය කපාගන්න. මත්පැන් බොන්න, විවිධ ශාරීරික හානි සිදු කර ගන්න
පෙළඹෙනවා. එසේ පෙළඹෙන්නේ ආදරය, සෙනෙහස කියන කාරණය මත නම් එය අපි අනුමත කරන්නේ නැහැ.
හේතුව අද දෙදෙනෙක් දෙපැත්තේ ඉන්නා විට එසේ තමන්ගේ ජිවිතයට හානි කර ගන්නවා නම් එසේත්
නැති නම් අනිකාගේ ජීවිතයට හානි කරනවා නම් අප තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. තමන්
සමඟ එක වහලක් යටට පැමිණි යම් දිනෙක, යම් ප්‍රශ්නයක දී මේ අය මීට වඩා දරදඬු තීන්දු -
තීරණ ගන්න පුළුවන් බව වටහා ගන්නට ඕනෑ. සම්බුද්ධ දේශනාවේ මෙලෙස සඳහන් වෙනවා. ගසක
වැලක් එතෙන්නේ ඒ ගස ගැන තිබෙන ආදරයට නොවෙයි. ගසේ ආරක්ෂාවටත් නොවෙයි. ඒ වැලට ගසෙන්
ලැබෙන ආරක්ෂාවටයි. ලෞකික ජීවිතයේ තවත් කෙනෙකුගේ ආදරය පතන්නේ තමන්ගේ සුබ සිද්ධියටයි.
තමන්ගේ පාළුවට, කාන්සියට, තනිකමට විකල්පයක් හැටියටයි.
ආදරයේත් රාගයේත් වෙනස හඳුනා ගන්නේ කොහොම ද?
බුදුරජාණන් වහන්සේ ආදරය, පේ‍්‍රමය ප්‍රතික්ෂේප කළේ නැහැ. සක්කපඤ්ඤ සූත්‍රය එයට හොඳ
ම උදාහරණයක්. සක්කපඤ්ඤ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමන්ගේ පෙම්වතියගේ ගුණ ගායනා කළේ
වීනා වාදනය කරමින්. බුදුරජාණන් වහන්සේ සක්කපඤ්ඤට පවසන්නේ ඔබ තත් හඬේ ප්‍රමාණයට ගී
හඬත්, ගී හඬේ ප්‍රමාණයට තත් හඬත් දෙකම මනාව සංයෝග කළ බවයි.
අපේ සිදුහත් බෝසතාණන් වහන්සේ යහපත් පෙම්වතෙක්. සංසාර ගමනේ යශෝධරාව තමන්ගේ පාද
පරිචාරිකාව ලෙස තෝරා ගත්තා. නමුත් ඔවුන්ට සාමාන්‍ය ලෝකයේ පෙම්වතුන් තුළ තිබෙන කාම
බන්ධනය තිබුණේ නැහැ. සිත්වල මේ කාම බන්ධනය හටගත් විට හටගන්නේ මෙවැනි සිතිවිල්ලකින්.
මම කියන ආකාරයට, මහ හිතන ආකාරයට, එයා සිටිය යුතුයි. ඒ වගේ ම එයා කියන ආකාරයට, හිතන
ආකාරයට මම සිටිය යුතුයි. දෙදෙනා රාමු දෙකක හිරවෙනවා. ඒ රාමුවෙන් ඉවත් වූ විට ගැටුම්
හටගන්නවා. නමුත් යශෝධරාව එසේ නොවෙයි. යශෝධරාවතේ දී යශෝධරාවගේ ස්වභාවය පැහැදිලි
කරනවා.
“කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑ දේ වා
සිදුහත් බෝසතාණන් තමන් අතහැර යද්දී යශෝධරාවට එසේ
ප්‍රාර්ථනා කරන්න හැකි වූයේ, ඒ ආදරය තුළ තිබුණේ රාගයක් හෝ කාම බන්ධනයක් නොවුන
නිසයි. යශෝධරාවන් තුළ තිබුණේ සැබෑ ම මෛති‍්‍රයක්, හිතවත්කමක්. යම් අයකුට ඔබ ආදරේ
කරන්නේ නම් අනෙකාගේ සුබසිද්ධිය, දියුණුව, අරමුණු ඉවසන්න හැකි විය යුතුයි. එය
උපරිමයෙන් ම යශෝධරාව සතුව පැවතුණා. නරසීහ ගාථාවල දී තමන්ගේ රාහුල පුතුට මහ මඟ වඬින
බුදුරජාණන් වහන්සේ පෙන්වා උන්වහන්සේගේ පුරුෂ ලක්ෂණ විග්‍රහ කරමින් පවසන්නේ ඒ මහ මඟ
වඬින්නේ ඔබගේ පියා බවයි. තමන් අතහැර ගිය සැමියා ගැන ගාථා දොළසකින් ගුණ වයන්නට ඇයට
හැකි වුණා. ඒ සැබෑ ම මෛති‍්‍රයයි. සැබෑ ම හිතවත්කමයි. සැබෑ ම ලෙන්ගතුකමයි. සැබෑ ම
ආදරයයි. යශෝධරාවගේ සිතේ සැබෑ මෛති‍්‍රය සටහන්ව තිබුණ නිසයි.
නකුල මාතාව සහ නකුල පිතා දෙදෙනා ම ආදරයෙන් බැඳී පවුල් ජීවිතය ගත කළ දෙදෙනෙක්.
බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි නකුල මාතාව පවසන්නේ, අප දෙදෙනා සංසාරයේ මෙහෙම සුහදව
සිටියා. අප දෙදෙනා මතුවටත් එවැනි ප්‍රාර්ථනාවක් සිදු කරන බවයි. ඒ අවස්ථාවේ දී
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම ශ්‍රද්ධා, සම චාග, සම ප්‍රඥා, සම සීල යන ගුණ දෙදෙනා
අතර සමව පවතින්නේ නම්, ඔවුනොවුන්ට සංසාර ගමනේ එහෙම බැ¼දීම් සාදා ගත හැකි බවයි.
යශෝධරාවත් සිදුහත් බෝසතාණන් වහන්සේත් සසර ගමනේ තම තමන් තේරුම් ගත් දෙදෙනෙක්. ඒ වගේ
ම බද්ධකා පිලානි, පිප්පිලී මානවක තම තමන් තේරුම් ගත්තා. ඒ විතරක් නොවෙයි මේ ආත්ම
භවයේදී ත් කාමභෝගී ජීවිතයක් ගත නොකර බ්‍රහ්මචාරී ජීවිතයක් විවාහයෙන් පසුවත් ගත කළා.
මහාචාර්ය සුනිල් ආරියරත්න ලියනවා, විශාරද නන්දා මාලනිය ගයනවා.
“ප්‍රේමය නම් රාගයෙන් තොර... සඳ එළිය සේ අචින්ත්‍යයි... යන ගීතය, ඒ අනුව ප්‍රේමය
සඳ එළිය සේ ම පාරිශුද්ධයි. රාගය, කාමය කියන්නේ ප්‍රේමය නොවෙයි. එය ප්‍රේමයේ නාමයෙන්
පෞද්ගලික කරගත් තම, තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමට සිදු කරන දෙයක්. ආදරය මායාවක් ලෙස
ද පැවසිය හැකියි.
මෙම ලිපියේ ඉතිරි කොටස නිකිණි අව අටවක පෝදා (06) අන්තර්ජාල කලාපයේ පළවේ.
දීපා පෙරේරා |