Print this Article


බුදු බණ පදයකට...

බුදු බණ පදයකට...

ලෝ සත වෙතට සදහම් මල් වැසි වැටුණා
සුර බඹ නරන් සැම ඒ වැස්සට තෙමුණා
මෙත්මල් කළඹකට තෙරුවන් ගුණ අමුණා
බුදු බණ පදයකට නතුවී හිත දැමුණා

මුදු මදනල හමා බරණැස් පුරවරට
සුදු මුදු රැස් විදා මිගදායට හොඳට
බුදු කරුණාව පාමින් ලෝ සත වෙතට
බුදු හිමි දම් දෙසයි පස්වග මහණුන්ට

ලෝ සත වෙතට සදහම් මල් වැසි වැටුණා
සුර බඹ නරන් සැම ඒ වැස්සට තෙමුණා
මෙත් මල් කළඹකට තෙරුවන් ගුණ අමුණා
බුදු බණ පදයකට නතු වී හිත දැමුණා