Print this Article


බුදුගුණ සිහි කරමි

බුදුගුණ සිහි කරමි

සංසාරයේ සැරිසරමින් නිවන සොයා
අපමණ දුකක් වින්දා අපගෙ බුදු පියා
එගොඩ කළ අය මෙතකැයි කියා
කියනට බැහැ බොහෝ දෙන නිවන් ගියා

සියලු කෙලෙස් දුරු කළ බුදු පියාණෙනි
සතර සත්‍ය දෙසු සම්බුදු පියාණෙනි
පසළොස්චරණ ධර්ම දෙසු බුදු පියාණෙනි
අරිඅටඟිමඟ මැනවින් දෙසු බුදු පියාණෙනි

සියලු ලෝකයන් දත් අප බුදු පියාණෙනි
නොහික්මුණු පුරුෂයන් දමනය කළ බුදු පියාණෙනි
දෙව් මිනිසුන්ට සෙත සැලසූ බුදු පියාණෙනි
මනාව දම් දෙසූ භාග්‍යවත් බුදු පියාණෙනි

නවඅරහාදි ගුණයෙන් යුතු බුදු පියාණෙනි
සංසාරයේ සැරිසැරූ බෝ සතාණෙනි
ලෝසතුන් නිවන් මඟට ගත් බුදු පියාණෙනි
නිම කළ නොහැකි ගුණ ඇති බුදු පියාණෙනි

වෙසක් පොහෝ දින හිමි ගුණ සිහි කරමින්
ආමිස ප්‍රතිපත්ති පූජා ඉටු කරමින්
මුළු ලොවම ඒකාලෝකය කරමින්
කළගුණ ඉටුකරන්නෙමු සිත් සැදැහෙන්