ලොව සැනසේවා
සුමියුරු වදනින්
තෙපළා සුමියුරු වදන්
සනසනු සැම සිත් තුටින්
විස කටුවැනි රුදු බසින්
පෙළනු එපා සත දුකින්
රුවන් රිදී මුතු මැණික්
නියම කළැකි හොඳ මිලක්
මියුරු රසැති මුදු වදන්
අමිලය ලොව නැති නිමක්
අරුතක් නැති පුහු වදන්
යවුලකි පෙළනා සවන්
සතහට නොමැතිය සියුම්
සතුටක් කිසි කල එයින්
තැනට ඔබින පිය හැඟුම්
තෙපළන සැම ලොව උතුම්
මහ කරුණා බුදු උවම්
ලොව වේ පින්බර සිතුම්
ආචාර්ය
රත්නපාල වික්රමසිංහ
![](z_p21-Lowa.jpg) |