Print this Article


අපවත්වී වදාළ නාඋයනේ අරියධම්ම හිමි ගුණ අනුස්මරණ පින්කම කතරගමදී

අපවත්වී වදාළ නාඋයනේ අරියධම්ම හිමි ගුණ අනුස්මරණ පින්කම කතරගමදී

ශ්‍රීලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරන්දරව වැඩ විසූ අපවත්වී වදාළ අග්ග මහා කම්මට්ඨානාචාර්ය පූජනීය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේගේ ගුණ අනුස්මරණය කරමින් උන්වහන්සේට පින් පතා සංවිධානය කළ ආගමික වැඩසටහන් රැසක් ඉකුත් 05 වැනි දා කතරගම පුදබිමේ දී පැවැත්විණි.

අගුල්ගමුවේ අරියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මඟ පෙන්වීම මත සංවිධානය කළ මෙම පින්කමට දෙස් විදෙස් ස්වාමීන් වහන්සේ විශාල පිරිසක් වැඩමකර සිටියහ.