Print this Article


වේපතඉර ගුණරතන හිමියෝ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවි ලබති

වේපතඉර ගුණරතන හිමියෝ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවි ලබති

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින් මාතර අපරැක්ක ශ්‍රී මණිරතනාරාම පුරාණ විහාරාධිපති, හක්මණ පනන්වෙල ශ්‍රී විද්‍යාරාජ පරිවේණාධිපති, ශාස්ත්‍රපති වේපතඉර ගුණරතන නාහිමිපාණන් වහන්සේ වෙත කීර්ති ශ්‍රී චූලාලංකාර යන ගෞරව නාමය සහිතව ගිරුවාපත්තුව ඇතුළු මාතර හම්බන්තර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා තිබේ.

ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු 16 වැනි දින මල්වතු විහාරයේ දී සිදු කිරීමට නියමිත ය. අභිනව නාහිමිපාණන් වහන්සේ පිළිගැනීමේ උත්සවය මාර්තු 22 වැනි දින අපරැක්ක මණිරතනාරාමයේ දී නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ය.