Print this Article


සංකල්ප විහාරයේ මල් පූජා පින්කමක්

සංකල්ප විහාරයේ මල් පූජා පින්කමක්

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන දස ලක්ෂයක් මල් පූජා කිරීමේ අසිරිමත් මල් පින්කම 30 වැනි වරටත් අපේ‍්‍රල් පළමු වැනි දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊට සමගාමීව පින්කම් මාලාවක් මාර්තු 28 දා සිට පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර අපේ‍්‍රල් පළමුවැනි දින උදෑසන කිරි ආහාර පූජාව සහ සවස 6ට දස ලක්ෂයේ අසිරිමත් මල් පූජාව පැවැත්වේ. පින්කම මෙහෙයවීම බැරගම ඤාණසිරි හිමියන් විසින් ද විශේෂ අනුශාසනාව කැස්බෑවේ පඤ්ඤානන්ද හිමියන් විසින් ද සිදු කෙරේ. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය කර ඇත.