Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පොල්ගස්ඕවිට, හල්පිට, 3 පටුමඟ, අංක 248 නිවසේ පදිංචි එච්.ඒ.ආර්. පුෂ්පකුමාර මහතා වකුගඩු රෝගයෙන් පීඩා විඳින බව පවසයි. ඔහුට “ඒ” පොසිටිව් හෝ “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍යවරු පවසති. පරිත්‍යාගශීලියකු වේ නම් 074 - 0483777 හෝ 076 -1642599 යන දුරකතන අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

*****

වයස අවුරුදු පනස් එකක අයකු සඳහා “ඒ පොසිටිව් හෝ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව බව පවසයි. පරිත්‍යාගශීලියකු වේ නම් 071 2 388 945 දුරකථන අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

*****

අවුරුදු 36 ක් වයසැති දෙදරු මවක් දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට “ඒ පොසිටිව්, ඒ නෙගටිව්, ඕ පොසිටිව්, ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 071 3328860 දුරකතන අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

*****

කිරිබත්ගොඩ, මාකොළ අජිත් පල්ලෙවෙල මහතා අක්මා රෝගී තත්ත්වයෙන් පෙළෙන බව පවසයි. ඔහුට “ඕ” පොසිටිව් වර්ගයේ අක්මාවකින් කොටසක් බද්ධ කළ යුතු බව පවසයි. පරිත්‍යාගශීලියකු වේ නම් 077 7688923 හෝ 071 2964985 දුරකතන අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.