Print this Article


තල්පිටියේ චන්දරතන නාහිමියන්ගේ ජන්ම දිනය සමරා පින්කමක්

තල්පිටියේ චන්දරතන නාහිමියන්ගේ ජන්ම දිනය සමරා පින්කමක්


වාද්දුව තල්පිටියේ පුරාණ දළදාවත්ත මහා විහාරස්ථානයේ විහාරාධිපති මහනුවර සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ පානදුර තොටමුණබද රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් පරිවේණාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන නාහිමියන්ගේ 61 වැනි ජන්ම දිනය මෙම මස 04 වැනි දිනට යෙදී ඇත. උන්වහන්සේගේ ජන්ම දිනය සමරා එදිනට බෝධි පූජා පින්කමක් තල්පිටිය දළදාවත්ත පුරාණ විහාරස්ථානයේදී විහාරස්ථ සියලු සංවිධාන හා ප්‍රදේශවාසී දායක සභාව මඟින් සංවිධානය කර ඇත. 1977 වර්ෂයේ දී මහණ දිවියට ඇතුළු වූ උන්වහන්සේ මහණ දිවියේ වසර 45ක් සම්පූර්ණ කර ඇත.