Print this Article


තමන් නොදන්නා බව දන්නා පුද්ගලයා ප්‍රඥාවන්තයෙකි

තමන් නොදන්නා බව දන්නා පුද්ගලයා ප්‍රඥාවන්තයෙකි

අතීත සමාජ තලයෙහිත් ජීවත් වූ, වර්තමානයෙහිත් ජීවත් වන, අනාගත ලෝකයෙහිත් ජීවත් විය හැකි පුද්ගලයින් හතර දෙනෙක් ගැන අපූරු විග්‍රහයක් ‘අහංගණ’ සූත්‍රයෙන් අනාවරණය කෙරේ.

එම සූත්‍රයෙන් සැරියුත් මහ රහතන් වහන්සේ ලෝකයෙහි වෙසෙන පුද්ගලයින් සතර දෙනෙක් ගැන මනා දේශනයක් ඉදිරිපත් කළ සේක.

මෙහි විස්තර කෙරෙන පුද්ගලයන් සතර දෙනා එදත් ජීවත් වූහ. අද ලෝක තලයෙහි ද ජීවත් වෙති. හෙටත් ජීවත් විය හැක.

තුන් කල්ම නියෝජනය කෙරෙන මේ සතර දෙනාගේ ස්වරූපය ගැන දැනුම්වත් වීමෙන් බෞද්ධ ශ්‍රාවකයාට පමණක් නොව ලෝකවාසී සියලු දෙනාටම වටිනා පණිවිඩයක් සන්නිවේදනය කරන්නේ ය.

මෙහි එන පළමු පුද්ගලයාගේ ලක්ෂණයක් වන්නේ ඔහු තමන් නොදන්නා බව දන්නේ නැති බවයි. ඔහු තමාගේ වැරැද්ද නොදකින නිසා වැරැදි නිවැරැදි කර බැලීමට උත්සාහ නොගනී.

විශේෂයෙන්ම එවැනි පුද්ගල ලක්ෂණ ඇති අය වර්තමානයේ ජීවත්ව සිටින සිවුවණක් පිරිස තුළ බහුලව දැකිය හැකි ය.

තමන් නිවැරැදියි යන වැරැදි සංකල්පයන් ඔස්සේ සිත මෙහෙයවන ඔහුට පෙනෙන්නේ අන් අයගේ අඩුපාඩු පමණි. අනුන්ගේ අඩුපාඩු පමණක් දකින මනසක් ඇති ඔහු රාග, ද්වේෂ, මෝහයන්ගෙන් වැසී ඇත.

උදාහරණයක් ලෙස අනුන්ගේ කුඹුරේ වල් පැළෑටි දකින ඔහු ඒවා ගැලවීමට උත්සුක වේ. තම කුඹුරේ අඩු පාඩුකම් ඔහුට නොපෙනෙන්නේ ය. අවසානයේ ඔහුට සිය කුඹුරෙන් නෙළා ගැනීමට ඉතිරි වෙන්නේ වල් අස්වැන්න පමණි.

සංසාර චක්‍රයේ කැරැකෙන අපට අනුන්ගේ වැරැදි පමණක් දකිමින් ඒවා නිවැරැදි කිරීමට යාම නිසා සංසාර ගමන අවසන් කිරීමට නොහැකි වී තිබේ.

මෙම ලිපියේ ඉතිරි කොටස මැදින් පුර පෝ දා පත්‍රයේ පළවේ.