[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සුංසුමාර ජාතක කතාව ඇසුරිනි

නවම් පුර අටවක

ජනවාරි 28 සෙනසුරාදා පූ.භා. 08.48 න් පුර අටවක ලබා
29 ඉරිදා පූ.භා. 09.09 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

තමන්ගේ කැමැත්ත සියල්ලන්ගේ කැමැත්ත නොවේ

කෙනකුට අයහපතක්,අගතියක් කොට තවත් කෙනකුට ආශිර්වාදයක් ලැබිය නොහැකි සම්බුදු දහමේ අගතින් සතරක් ගැන කියැවේ. එම අගතීන්ගෙන් යුක්ත වීම සාමය, සමගිය, සහජීවනයට මහත් බාධාවකි. එකිනෙකා සමඟ නිදහසේ ජීවත්වීම හා දේපළ රැකගනිමින් කටයුතු කිරීම උදෙසා සතර අගතියෙන් ඉවත්ව ක්‍රියා කළ යුතුව ඇත. ඡන්දය, ද්වේෂය, භය, මෝහය යනු එම අගතීන් ය. ඡන්දය නම් කැමැත්තෙන් අගතියට යාම ය. ද්වේෂය යනු තරහෙන් අගතියට යාම ය. භය නම් වරප්‍රසාද නැති වේ යැයි භයෙන් අගතිගාමී වීම ය. මෝහය නම් මෝහයෙන් අගතිගාමී වීම ය. කෙනෙක් අගතිගාමී වන්නේ යම් ප්‍රතිලාභයක් වෙනුවෙනි. අගතිගාමී වීම තුළ ඇතැම් විට ක්ෂණික ලාභ ලැබිය හැකි වේ. එහෙත් දෙලොව අයහපත ඇති කරවීමට මෙය ඉවහල් වේ. එය නතර කළ නොහැකි ය. අගතිගාමී වීම නිසා ඇතිවන ප්‍රධාන පාඩුව, අලාභය වන්නේ පැවැත්මට හා පෞරුෂයට යි. ඡන්දා දෝසා භයා මෝහා - යෝ ධම්මං නාතිවත්තතී - ආපුරති තස්ස යසෝ - සුක්කපක්ඛේව චන්දිමා, ඡන්දය, ද්වේෂය, භය, මෝහය නිසා යමකු ධර්මය ඉක්මවා කටයුතු නොකරයි ද, ඔහුගේ කීර්තිය පුර පක්ෂයේ සඳ මෙන් බැබළීමට පත් වේ. කුමන ආගමක් විශ්වාස කළ ද, මෙම ධර්මතාව හැමෝට ම පොදු ය. පක්ෂ, පාට, ජාති, ආගම්, කුල භේදයකින් තොරව සියල්ලෝ ම යහපත් සාමකාමි දිවියක් ගත කිරීමට කැමැති වෙති. එහෙයින් ඉහත දක්වන ලද සතර අගතියෙන් වෙන් ව කටයුතු කිරීම දෙලොවට ම මහත් ලාභයකි.

කල්පනාකාරී නොවු‍ණොත් ඍද්ධි බලයත් පිරිහෙනවා

අනුරාධපුරයෙන් බොහෝ ඈත පෙදෙසක වැඩ සිටි මහරහතන් වහන්සේ නමකට ඕන වුණා මහාසෑය වන්දනා කරගන්න. තමන් වහන්සේගේ එකම සාමණේර ශිෂ්‍ය හිමි නමත් අඬගහගෙන දවසක් අනුරාධපුරය බලා පිටත් වුණා. දින ගණනකින් පසු අනුරාධපුරයට පැමිණ මහාවිහාරයේ නවාතැන් ගත්තා. ගමන් වෙහෙස නිසා පැන් පහසු වී මදක් සැතපී රාතී‍්‍ර යාමයේ මහාසෑය වන්දනා කර ගැනීමට අදහස් කළා. වේලාසනින් සැතපුණ මහරහතන් වහන්සේ මධ්‍යම රාති‍්‍රයේ අවධි වී සාමණේර භික්ෂුවටත් නො දන්වා මහාසෑය වන්දනා කිරීමට පිටත් වුණා. එකෙණෙහි ම සාමණේර භික්ෂුවත් අවධි වුණා. ‘ආචාර්යයන් වහන්සේ මධ්‍යම රාති‍්‍රයේ තනිවම කොහේද යන්නේ? මමත් ගිහින් බලන්න ඕන’ යැයි තීරණය කරගෙන තෙරුන් වහන්සේ පිටුපසින් සැඟවි සැඟවී ම වැඩම කළා. මහරහතන් වහන්සේ මහාසෑයේ දකුණු දොරටුවෙන් ඇතුළු වී මහාසෑය දෙස බලා බුද්ධාලම්බන පී‍්‍රතිය උපදවාගෙන දොහොත් මුදුන් තබා වන්දනා කරන්න පටන් ගත්තා. බොහෝ වේලාවක් එසේ වන්දනා කර නැවතත් හිටගෙන දාගැබ දෙස බලමින් බුද්ධාලම්බන පී‍්‍රතිය තවදුරටත් විඳින්න පටන් ගත්තා. දාගැබ වන්දනා කරනවා දුටු සාමණේර හිමි උගුර පාදා තමන් සිටින බව ඇඟවූවා.

දෙලොව ම දිනන මඟ ඉඳුරන් ජය ගැනීමයි

බුදුදහමේ අවසාන ඉලක්කය සත්ත්වයා සසර දුකින් මුදවා උතුම් නිවන් සුව පසක් කරවීමයි. එම ඉලක්කය සපුරාලන ගමන් මගේ දී අප ලැබූ මේ මිනිසත් බව වඩ වඩාත් ඵලදායක කර ගැනීම ද, දුක් කම්කටොළු දුරුකර ගැනීම ද බුදුදහමෙන් පෙන්වා දෙන කරුණකි. තමා විසින් තමා තුළ ඇති කර ගත යුතු ආත්ම දමනය හෙවත් ඉඳුරන් සංවර කර ගැනීම මෙලොව හා පරලොව සුවයට උපකාරී වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවට අනුව පුද්ගලයන් හික්මවීමට බුදුදහමෙන් උපදෙස් සපයයි. සීලයෙන් කයේ හික්මීම ද, සමාධියෙන් සිතෙහි එකඟ බව ද, මෙම දෙකෙහි ම ප්‍රතිඵලය ලෙස ප්‍රඥාව ද ලැබේ. මෙකී ත්‍රිශික්ෂා සම්පූර්ණ වීමට ඉඳුරන් දමනය කිරීම හා සිතෙහි පිරිසුදු බව පැවතීම අත්‍යවශ්‍ය වේ. නිවන් මඟට හේතුවන ප්‍රඥාව ලැබීම සඳහා සිත,කය, වචනය යන තුන්දොර සංවර කර ගැනීම මූලිකව සිදු කළ යුතු ය. එය මෙලොව සැනසිල්ලට ද හේතු වන්නකි. තිදොරෙහි සංවර බව දියුණු වූ පමණට ම සමාධිය හා ප්‍රඥාව ද වැඩේ. සමාධිය හා ප්‍රඥාව වැඩීමට සංවර බව හේතු වන්නා සේ ම දෛනික ජීවිතයේ කටයුතු සාර්ථක වීමෙහිලා ද ඉන්ද්‍රිය දමනය බොහෝ සෙයින් උපකාර වන බව කරුණු විමසීමෙන් අපට පැහැදිලි කර ගත හැකි ය.

සියලු ජනයා අතර බුද්ධ ශ්‍රාවකයා සැම ගුණයෙන් බැබළේ

සැවැත්නුවර සිරිගුප්ත සහ ගරහදින්න යැයි යහලුවෝ දෙදෙනෙක් වූහ. සිරිගුප්ත බෞද්ධයෙකි. ගරහදින්න නිගණ්ඨ ශ්‍රාවකයෙකි. නිගණ්ඨයෝ ගරහදින්න ලවා නිතරම සිරිගුප්තට තෙරුවන්ගේ දොස් කියවා නිඝණ්ඨයන්ගේ අගය වර්ණනා කරති. ඔවුන් කෙරෙහි පහදවා ගැනීමට උත්සාහ කරති. සිරිගුප්ත කීප වතාවක් ම නිශ්ශබ්දව සිට මෙසේ කීවේ ය. “තෙපි මට ශ්‍රමණ ගෞතමයන් කරා ගොස් කුමක් ලබන්නෙහි ද? මාගේ ආර්යයන් වෙත ගොස් දන් දෙවයි” නිතර කියති. තොපගේ ආර්යයන් කුමක් දනී දැයි? ඇසීය. ගරහදින්න කියනුයේ “අහෝ එසේ නොකිව මැන, මාගේ ආර්යයන් නො දත් දෙයක් නැත. සියල්ල දනිති කීහ. එවිට සිරිගුප්ත එසේ නම් මෙතුවක් කලක් මා හට මේ බව නොකියා සඟවාගෙන සිටිමින් ඔබ කළේ ලොකු වරදකි. අද තොප මඟින් ආර්යයන්ගේ ඥානය මම දැන ගතිමි. මාගේ වචනයෙන් ආර්යයන්ට ආරාධනා කරන්න යි කීය. ගරහදින්න ගොස් එම තොරතුරු කියා නිඝණ්ඨයන්ට පසුදා බතට ආරාධනා කළේ ය. නිගන්ඨයෝ ද සිරිගුප්ත තමන් කෙරෙහි පැහැදුණේ යැයි සතුටු සිතින් ආරාධනය පිළිගත්හ. සිරිගුප්තගේ නිවස විශාල ය. ඔහු එහි ගෙවල් දෙකක් අතර දිගට ම අගලක් සාරවා එහි අසූචි හා පල්මඩ පුරවා එය මත්තෙහිවලට වැටෙන සේ උගුල් අටවා ඒ මත ආසන පනවා සකස් කළේ ය. මහත් සැළි සොඳවා කෙසෙල් කොළෙන් ද, කඩ වැස්මෙන් ද, සැලිවල කට වසා බැඳ හිස් වළං පිටතින් බත්, හුළු, ගිතෙල්, පැණි ආදිය ඉස ගෙයි පිටුපස තැබීය.

නවම් පුර අටවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]