Print this Article


අමරපුර මහා සංඝ සභාවට නව නිලධාරි මණ්ඩලයක්

අමරපුර මහා සංඝ සභාවට නව නිලධාරි මණ්ඩලයක්

 කරගොඩ උයන්ගොඩ
මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
 බලපිටියේ සිරිසීවලී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ 2023 /27 වර්ෂ පහක කාලය සඳහා නව නිලධාරි මණ්ඩලයක් තෝරාපත්කර ගැනීම පසුගියදා අභිධජමහාරට්ඨගුරු දොඩම්පහල චන්දසිරි උත්තරීතර මහාස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති නියෝජිත මහා සංඝ සභාවේදී සිදුවිය.

එහිදී අභිනව සභාපතිධුරය සඳහා ශාස්ත්‍රපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තේරිපත් විය.

බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය, අමරපුර සද්ධම්මවංශ මහානිකායේ මහාලේඛකාධිකාරි, දර්ශනපති රාජකීය පණ්ඩිත බලපිටියේ සිරිසීවලී නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව මහාලේඛකාධිකාරි ධුරයට තේරීපත් වූහ.

නව නිලධාරි මණ්ඩලයේ විස්තර නවම් පුර පෝදා පුවත්පතේ පළවේ.