Print this Article


බෞද්ධාලෝක පදනමේ ප්‍රථම වාර්ෂික මහා සභා රැස්වීම

බෞද්ධාලෝක පදනමේ ප්‍රථම වාර්ෂික මහා සභා රැස්වීම

ජාතික, ආගමික, සමාජයීය සුභ සාධන සේවාවන් සිදු කිරීම සඳහා ඒ වෙනුවෙන් උනන්දුවක් දක්වන විවිධ කේෂ්ත්‍රවල ප්‍රවීනයන් ඒකරාශී කරමින්, ආයතනයක් ලෙස ක්‍රියා කිරීම පරමාර්ථ කර ගනිමින් බෞද්ධාලෝක පදනම 2020 ඔක්තෝබර් 03 ආරම්භ කර ඇත. එහි සාමාජිකයින්ගේ ප්‍රථම වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය දා බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති, දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසර ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාලිංග අමරසිංහ, වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය ඇතුලු සාමාජික, සාමාජිකාවෝ සහභාගි වූහ.