Print this Article


ගණන් කිරීම

ගණන් කිරීම

එකතු කිරීම
වැඩි කිරීම
බෙදීම සහ
අඩු කිරීම

නිසි වේලාවට ගණන්
කළ යුතුමයි
සිතට ඇවැසි ලෙසින්

වැඩිකළ යුතු විට වැඩිකර ගනිමු
එකතු කරන විට එකතුම කරමු
බෙදීම කළ යුතුමයි
අඩුකර ගත යුතුමයි

සැම දේ වැඩිකර කරගෙන සිටියොත්
එකතු කරන්නම විතරක් හිතුවොත්
කරදර වැඩිවෙයි
දිවි බර වැඩිවෙයි
දිවිය නිරස වෙයි
එනිසා......

එකතු කරන දේ
වැඩියෙ තිබෙන දේ
බෙදිය යුතුයි
බෙදලා
දිවිබර අඩුකර ගත යුතුමයි

එවිටයි දිවියේ බර නැති වෙන්නේ
එවිටයි සතුටක් නිති හිමි වෙන්නේ
එවිටයි මරණය සුන්දර වෙන්නේ