[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමුගන්නට පෙර ...

සමුගන්නට පෙර ...

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම අතර සතර සංග්‍රහයෙන් ප්‍රකාශ වනුයේ පුද්ගලයා සමාජය සමඟ බැඳී දම්වැල් පුරුක්මෙන් සාමයෙන් ජීවත්වීම ය. එයට අවශ්‍ය කරුණු සතර මෙසේ ය . දානය, පි‍්‍රය වචනය, අර්ථචරියාව, සමානාත්මතාව ය යන සතර ය.

දානය නම් දීම ය. ලබන්නාගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නැතිව ලබන්නාට හානියක් නොවන දෙයක් දීම ය. දස පාරමිතා අතර පළමුවැන්න ද එයයි. දස දාන වස්තු අතර දසරාජධර්ම අතර, දසපින් අතර පළමුව සඳහන් වනුයේ දානයයි.

දන් දීමෙන් සත්වයාට සසරෙන් මිදී නිවනට යා හැක. ආමිස දානය, ධර්ම දානය, අභය දානය වශයෙන් ද දීම් ඇත. සියල්ලටම වඩා උතුම් දීම ධර්මය දීම ය.

දහම් දත් අයගෙන් සමාජයට විපතක් නොවේ. යම් යම් ගැටලුවල දී දහම් නුවණින් එම ගැටලු විසඳා ගැනීමට සමත් වේ. ඉවසීමේ පිහිට ලබයි. දීමට පුරුද්දක් තිබිය යුතු ය. දීම කළ යුත්තේ තුන්සිත පහදාගෙන ය. සතකුට හෝ ආහාර ටිකක් දී තමන් කෑම ගැනීම පුරුද්දක් කර ගත යුතු ය.

ඇස ලස්සන දේ බැලීමට කැමති සේම කන ද මිහිරි වචන ඇසීමට සතුටු ය. සොරුන් ළඟ ඇති වූ ගිරවාගේත් තාපසයන් ළඟ ඇතිවූ ගිරවාගේත් වෙනස ඔබ අසා ඇත. සොරුන් ළඟ සිටි ගිරවා නපුරු වචන ද, තාපසයන් ළඟ සිටි ගිරවා මිහිරි වචන කීවේ ද ඇසුර නිසා ය.

රජුගේ මහිලාමුඛ ඇතා ද දරුණු වූයේ සොරුන්ගේ නපුරු බස් අසා ය.

නන්දි විශාල ජාතකයේ දී නරක වචනයෙන් කතා කළ නිසා ගවයා කරත්තය නෑද සිටියේ ය. පසුව මිහිරි වචනයෙන් කී විට ඇද ජය ලබා දෙන ලදී.

අපි කවුරුත් සමාජයේ ගැටෙන අය නිසා පි‍්‍රය වචන භාවිත කොට කාගේත් සිත් සතුටු කොට සැනසීම ලබමු. බාල පරපුරට ද මේ පි‍්‍රය වචන පුහුණු කරවමු.

අත්ථචරියා - අනුන්ගේ යහපතට වැඩ කිරීම මෙනමි. මිනිසුන් වී උපන් අප අනුන්ගේ යහපතට වැඩ කිරීම උතුම් ගුණයකි. මහ පොළවට පස්වී යන මේ ශරීරයෙන් අනුන්ගේ යහපතට වැඩක් කිරීම උතුම් ය. මඝ මානවකතුමා දෙව්ලොව ඉපදුණේ ද අනුන්ගේ යහපතට වැඩ කිරීම නිසා ය.

“තමන් ලැබූ දිවි පෙවෙතේ - කොටසක් රට සමය වෙතේ - පුද නොකළොත් නුඹෙන් පුතේ - මෙලොවට කිසි පලක් නැතේ” යනුවෙන් ටිබෙට් ජාතික මහින්ද හිමි කියා ඇත. අපි ද මරණයට පෙර තම වාසියම නොතකා අනුන්ගේ යහපතට ද වැඩ කිරීමට පුරුදු වෙමු.

සමානාත්මතාව - බුද්ධ දේශනාවේ මිනිසුන් වර්ග කිහිපයක් නැත. මිනිසුන් කවුරුත් එක හා සමාන ය. ඔවුන් කරන ක්‍රියාව අනුව සමාජය නම් කර ඇත. වෛද්‍ය, ලිපිකරු, කම්කරු ආදියෙන් සියල්ලනට සමසේ සැලකීමට පුරුදු විය යුතු ය. බුදුහිමි දෙවිදත්, නාලාගිරි, අංගුලිමාල ආදී අයට ද රාහුල හිමියන්ට ද එක හා සමාන බව පහදා දී ඇත. අපි ද සමාජය තුළ ගෝත්‍ර නොසලකා කාටත් පොදුවේ සැලකීමට උත්සාහ කරමු.

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]