ශ්‍රමණ සාරුප්‍යය රැකගෙන
භික්ෂු ආකල්පවලට මූලිකත්වය දිය යුතුයි
උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරි රුහුණු
විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය කොළඹ ගංගාරාම ශ්‍රී ඤාණේෂ්වර විද්‍යායතන
පිරිවෙනේ විශ්‍රාමික පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය තන්තිරිමුල්ලේ සරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය
චිරාගත ශාසනික වත් පිළිවෙත්හි බුහුටිව නියැළෙමින් ගිහි පැවිදි දෙපිරිසේ ම
සම්භාවනාවට පාත්‍රවෙමින් සුපේශල ශික්ෂාකාමී භික්ෂු ආකල්පයන්ගෙන් සෝභාවත් වූ
බහුශ්‍රැත පඬිරුවනක් වශයෙන් විරාජමානව වැඩ සිටින ඔබ වහන්සේට මෙම තත්ත්වයට හැඩගැසීමට
ගුරු හාමුදුරුවරුන්ගේ අභාසය ලැබුණේ කොහොමද? අපේ හාමුදුරුවනේ,
පානදුර තන්තිරිමුල්ල ග්‍රාමයේ ජීවත්වුණු කේ.ඒ.ඩී. බම්බුසිංඤෝ මහෝපාසකතුමාත්, බී
බේබිනෝනා මහෝපාසික මාතාවත් බොහොම ගුණගරුක සැදැහැවත් මවුපිය දෙපළක්. ඒ පුණ්‍යවන්ත
මවුපිය දෙපළගේ අටවෙනි දරුවා වශයෙන් 1961 වර්ෂයේ දෙසැම්බර් 22 වැනි දින මගේ
ජන්මෝත්පත්තිය සිදුවුණා.
පානදුර මහා විද්‍යාලයේ මූලික අක්ෂර ශික්ෂාව ලබාගෙන පානදුර ශ්‍රී සුමංගල
විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කළා. ඒ කාල පරිච්ඡේදයේදීමයි මගේ පැවිදි
පින්කම සිදුවුණේ. පින්සාර සැදැහැවත් මව්පියන්ගෙන් ලැබුණු ශාසනික උරුමයත්, සංසාරගත
පුණ්‍ය ශක්තියත් මත වයස අවුරුදු 14 වන විට සසුන්බඹසර රැකීමට අවස්ථාව ලැබුණා. 1976
වර්ෂයේ පෙබරවාරි 11 වැනිදා තන්තිරිමුල්ලේ සරණ යන උතුම් ශාසනික නාමයෙන් උත්තරීතර
සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රව්‍රජ්‍යාභූමියට පත් වුණා.
උතුම් සම්බුද්ධ ශාසනයේ පැවිදි බව ලබන්නට තරම් සංසාරගත පුණ්‍ය ශක්තිය බලවත්ව
තිබුණත්, පූජ්‍ය පණ්ඩිත පන්නිල සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පෙළඹවීමත්
උතුම් ප්‍රව්‍රජ්‍යා බව ලබන්නට හේතු වුණ බව පුණ්‍යානුමෝදනා පූර්වකව බොහොම ගෞරවයෙන්
මේ අවස්ථාවේ දී සිහිපත් කිරීම වැදගත්. පැවිදිවීමෙන් පසුව මූලික ශාසනික වත්පිළිවෙත්
ගුරු හාමුදුරුවන් වහන්සේ යටතේ පුරුදු පුහුණු වෙමින් ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය
ලබාගැනීමට පිරිවෙන් අධ්‍යාපනයට අවතීර්ණ වුණා.
එවකට සම්භාවනීය පරිවේණාස්ථානයක් වුණු කොළඹ හුණුපිටිය ගංගාරාම ශී‍්‍ර ඤාණේෂ්වර මහ
පිරිවෙනේ වැඩ සිටි ධර්ම විනයධර බහුශ්‍රැත සංඝ නේතෘන්වහන්සේගේ සෙවණේ ශාසනානුලෝමී
හැඟීමෙන් යුතුව ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබා ගත්තා. එවැනි ප්‍රතිබල සම්පන්න ව්‍යක්ත
විශාරද ඇදුරු මඩුල්ලක් හමුවේ ශාස්ත්‍රෝද්ග්‍රහණය කිරීම තුළින් ලැබුණු ආභාසය පැවිදි
ජීවිතය වඩාත් ප්‍රභාෂ්වර වීමට හේතුවක් වුණා.
ඒ වගේම අස්ගිරි මහා විහාරයීය මහෝපාධ්‍යාය අතිපූජ්‍ය ගල්කැටියාගම ශ්‍රී රතනජෝති නායක
හිමිපාණන් වහන්සේ පිරිවෙන් පොත් සියල්ලම කියවා දුන් බවත් උන්වහන්සේ වෙත කෘතවේදීව
සිහිපත් කළ යුතුයි.
ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා ගනිමින් ප්‍රාචීන ප්‍රාරම්භ විභාග සමත්වීමත් සමඟ
1982 වර්ෂයේ දී රාජකීය පණ්ඩිත උපාධිය ලබා ගත්තා.
අධ්‍යාපනය ලැබූ කාල පරිච්ඡේදයේ දී ම ගුරු හිමිවරුන්ගේ ඇසුරේ ශික්ෂාකාමී ලෙස පැවිදි
ජීවිතය හැඩගස්වා ගනිමින් නිසි වයස සම්පූර්ණ වීමත් සමඟ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි
සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභා මූලස්ථානය වුණ කෝට්ටේ රාජමහා විහාරස්ථ මංගල උපෝෂථාගාරයේ
දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයට පත්වුණ බවත් සිහිපත් කළ යුතුයි.
ලක්දිව ශාස්ත්‍රාලෝකයේ කෝෂ්ඨාගාරය, වශයෙන් සැලකිය හැකි විද්‍යෝදය පිරිවෙනේ
විනයාචරිය, සද්ධර්මාචරිය, අභිධම්මාචරිය, උපාධි පරික්ෂණ සියල්ලම සමත් වීමත් සමඟ
ත්‍රිපිටකාචාර්ය උපාධිය ලබා ගත්තා.
උතුම් වූ පැවිදි පින්කමේදීත්, උපසම්පදා පුණ්‍යෙීත්සවයේදීත් ආචාර්ය උපාධ්‍යායන්
වහන්සේලා වශයෙන් කටයුතු කළ හිරන ඉන්දසුමන නා හිමි, කලපුගම උපාලි හිමි, රාජකීය
පණ්ඩිත පන්නිල සිරිනිවාස හිමි, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද නරමානේ බුද්ධ
රක්ඛිත නාහිමි, පිනිකහනේ සද්ධාතිස්ස නාහිමි, මීගස්වැවේ සෝමරතන නාහිමි යන ලංකා
ලංකාශාසනාම්භරය ආලෝකවත් කළ යතීන්ද්‍රයන් වහන්සේලා මේ අවස්ථාවේ දීි සිහිපත් කළ
යුතුයි.
රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්ය ස්වාමීන් වහන්සේ
නමක් වශයෙන් අධ්‍යාපන සේවාවට ප්‍රවිශ්ට වූ ඔබ වහන්සේ විසින් රචිත පාලි ත්‍රිපිටක
සාහිත්‍යාගත බුද්ධ ඤාණය හා ඒ පිළිබඳ පශ්චාත්කාලීන සංවර්ධනය නම් වූ අගනා කෘතියේ
කර්තෘ ධුරය හොබවන ඔබ වහන්සේ සිදුකරන ධර්ම ශාස්ත්‍රිය සේවාව තව දුරටත් පැහැදිලි
කරන්න නායක හාමුදුරුවනේ,
ත්‍රිපිටකාගත තොරතුරු විමර්ශණයට ලක්කරමින් පර්යේෂණ ග්‍රන්ථයක් වශයෙන් “බුද්ධ ඤාණය
ග්‍රන්ථය රචනා කළා. එම ග්‍රන්ථයට අමතරව “සම්බුදු සිරිත” “ගිහිබොදු සිරිත” නමින්
තවත් ග්‍රන්ථ රචනා කළා. ඒ වගේම විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වශයෙන් පර්යේෂණ ලිපි
බොහෝ ප්‍රමාණයක් රචනා කර තිබෙනවා.
රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් බොහෝ කාලයක්
සිදුකළ ශාස්ත්‍රිය සේවයෙන් ඉවත්වෙලා කොළඹ හුණුපිටිය ගංගාරාම ශ්‍රී ඤාණේෂ්වර මහ
පිරිවෙනේ පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන් සේවය ආරම්භ කළා. එහිදී සම්බුදු සසුනේ
චිරස්ථිතිය අභිවෘද්ධිය පිණිස ලංකා ශාසනාම්භරය ආලෝකවත් කර ගැනීමට අවශ්‍ය ශීක්ෂාකාමී
සඟ පරපුරක් සම්මා සම්බුද්ධ ශාසනයට දායාද කිරීමේ උදාර පරමාර්ථයෙන් ශාසනානුලෝමී
හැඟීමෙන් යුතුව අවශ්‍ය කටයුතු සම්පාදනය කළා.
ඒ කාලය තුළ ගංගාරාම පොඩි හාමුදුරුවන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ ජපානය, අමෙරිකාව,
සිංගප්පූරුව ආදි බොහෝ රටවල වැඩම කරමින් උදාර ශාසනික සේවයක නියැළුණා. ඒ වගේම
ප්‍රදේශවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ දෙලොව යහපත උදෙසා ගඟුල සිරි පරම විසුද්ධාරාම
විහාරස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් සමලංකෘත දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කළා
වගේම සුචරිතවත් දරු පිරිසක් ප්‍රදේශයට දායාද කිරීමට ශී‍්‍ර ඤාණවිමල දහම් පාසල ආරම්භ
කළා. එම දහම් පාසලේ 3000 කට අධික දරු පිරිසක් දහම් අධ්‍යාපනය ලබනවා. එගොඩ උයන ශ්‍රී
ජිනේන්ද්‍රාරාම චෛත්‍යාරාම විහාරස්ථානයේ දියුණුව සුභ සිද්ධිය පිණිස කටයුතු කරමින්
කෝට්ටේ කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරි ජ්‍යෙෂ්ඨ කර්ම වාගාචාර්ය
විනිශ්චය කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් සංඝ සභාවේ අභිවෘද්ධිය වෙනුවෙන්
කළ හැකි සේවාවන් සිදුකරගෙන යනවා.
ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූරණය කරමින් ධර්ම විනයධර භික්ෂූන් වහන්සේ නමක් වශයෙන්
විශාල කාර්යභාරයක් සිදුකරන ඔබ වහන්සේ නූතන භික්ෂූන් වහන්සේගේ භික්ෂු චර්යාවන්
වර්ධනය කරගත යුතු ආකාරය පැහැදිලි කරමින් සාකච්ඡාව අවසන් කරමු නායක හාමුදුරුවනේ,
ශාසනික වත් පිළිවෙත් හොඳින් පුරුදු පුහුණුවීම අවශ්‍යයයි. ඒ වගේම භික්ෂූන් වහන්සේ
නමක් හැටියට ශ්‍රමණ සාරුප්‍ය රැකගෙන භික්ෂු ආකල්පවලට මූලිකත්වය දෙමින් හොඳ
අධ්‍යාපනයක් ලබා ගත යුතුයි. භාෂා ඥානය හොඳින් ප්‍රගුණ කරගෙන ධර්ම ශාස්ත්‍රීය අවබෝධය
වඩාත් හොඳින් ලබාගැනීම අතිශයින්ම වැදගත්. ගුරුවරුන්ට ගෞරව දැක්වීමත් ගුරුවරුන්ගේ
ආශිර්වාදය ලැබීමත් වැදගත් කාරණා වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්.
හේමමාලා රන්දුනු |