යශෝධරා දේවි
පිළිවෙත් අබරණ පැලඳි
හෙළ දිවැ හෙළ කත
උදම්මිට උත්තමාරාම පුරාණ විහාරයේ
මොරටුවේ ආනන්ද හිමි
රටක් රාජ්‍යයක් පාලනය කරන රාජ්‍ය පාලකයා, සමාජයට සුවසෙත බෙදන වෙදැදුරා, විද්‍යාඥයා,
දාර්ශනිකයා, ගණිතඥයා මේ සියල්ලෝම මව් ඇකයේ නැළවී මවගේ උණුසුම දයා සෙනේ ලබා ලොව
සම්භාවනීය තත්ත්වයනට පත්වූවෝ ය.
“තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කෙර්ය’ යන උධෘතය ඒ බැව් මොනවට තහවුරු කරයි. මව් පදවි
දරනුයේ කාන්තාවක් ම ය. “පුරුෂයකු දැනුවත් කළ විට එහි ප්‍රතිඵලය ඔහුට පමණි. එහෙත්
කාන්තාවක් දැනුවත් කළ විට එහි ප්‍රතිලාභය පරම්පරා ගණනාවකට විහිදෙයි.” යනුවෙන්
නිදහස් භාරතයේ ප්‍රථම අග්‍රාමාත්‍යවර ජවහර්ලාල් නේරුතුමා වරෙක ප්‍රකාශ කළේ ය.
අලුයම පිබිදී නිවසේ සියල්ලට පසුව නින්දට යන්නී, උයා පිහා රස අහර සපයන්නී, ගේ දොර
සකල කාර්යයන් සපුරා, දරුවන් තනා හදා වඩා මෙහෙකාරිය සේ දුක් උහුලන්නී,
ස්වාමිපුරුෂයාගේ, දරුවන්ගේ, පවුලේ උන්නතිය පතා වෙහෙස නොබලා ක්‍රියා කරන්නී, සමාජයක්
තනන්නට විපුල මෙහෙ කරන්නී ගුණ නුවණැති කාන්තාව ය.
එදා පුරාතන භාරතීය බමුණු සමාජය කාන්තාවගේ නිදහස, පීඩනයේ යදමින් බැඳ දමා තිබුණි. එදා
භාරතීය වනිතාවට උරුම වූ මේ ශෝචනීය තත්ත්වයෙන් ඇය මුදවා නිදහසේ ජීවන පවන් පොද –
සිසිලස අත්පත් කරදුන්නෝ මාතෘත්වයේ අමිල අගය ලොවට කියා පෑ අසහාය ජගදාචාර්ය තිලෝගුරු
බුදුසමිඳාණෝ ම ය.
අනනුකම්පිත දෘෂ්ටියෙන් කාන්තාව දෙස බැලූ යුගයක සමාප්තිය සනිටුහන් කළෝ තුන්ලෝ තිලක
බුදුසමිඳාණෝ ම ය. නිවසේ සකලවිධ කාර්යයන්හි මෙහෙකාරියක් කොට, නිදහස අහිමිකර බමුණු
සමාජය වනිතාවගේ මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරද්දි ශ්‍රද්ධාවන්ත
උපාසිකාවට ආගමික නිදහස, උරුම වූයේ බුදු කරුණාවේ මහිමයෙනි.
එනිසාම විශාකා, සුජාතා, බන්ධුල මල්ලිකා ආදි සැදැහැති මහෝපාසිකාවෝ ශාසන දයාවෙන්
සම්බුදු සසුනේ චිරපැවැත්ම උදෙසා අපරිමිත ව්‍යායාමයක ව්‍යාවෘත වූහ.
ඊට සමගාමීව ආධා්‍යාත්මික අභිවර්ධනය ද උදාපත් කර ගත්හ. ප්‍රඥාසම්පන්න, ඛේමා
උත්තමාවිය, මහා ඍද්ධිබල සම්පන්න උප්පලවණ්ණා තෙරණිය, පටාචාරා විනයධර රහත් උත්තමාවිය
ධර්මකථිකාවන් අතර අගතැන්පත් ධම්මදින්නා තෙරණිය ආදි ස්ථානාන්තර ලද පවර මෙහෙණහු
සම්බුදු සස්න ප්‍රභාවත් කළහ.
ඒ උදුල කාන්තා රත්නාවලිය හැඩ කළ, ඔප කළ, වර්ණවත් කළ අමිල කාන්තා වජ්‍ර මාණික්‍යය
අති දීර්ඝතර සංසාර චාරිකාවේ දී මහබෝසතුන්ට සෙවණ දෙමින් සෙවණැල්ල සේ නිරතුරු ළඟ සිට
රැකබලා ගත්තී, උපනූපන් භාවයන්හි පාදපරිචාරිකාවෝ යශෝධරා දේවි උත්තමාවෝ ය.”
බුදුදහමේ ආභාසයෙන් – යශෝධරා දේවි ගුණ ගඟ සිසිලසින් සැනසුණු, යශෝධරා දේවි ගුණ බරණින්
සැරසුණු, එදා හෙළ ලිය කිතුලිය ලොව දසත පැතිරුණෝ ය. සිරිලක් කාන්තා පරපුරේ අභිමානවත්
දිවිපෙවතට බිම්බාදේවි චරිතාදර්ශය මනා දෘෂ්ටාන්තයක් වූයේ ය.
“අම්මාගේ භූමිකාව“ උසුලන මව් පදවි දරන කාන්තාවගේ කාර්යභාරය, කතාබහ, හැසිරීම, අඳුම
පැළඳුම, ආදර්ශවත් චර්යා රටාව, සරල, චාම්, සොඳුරු චින්තනය, සමාජයක යහපැවැත්ම,
සදාචාරය, සභ්‍යත්වය සපිරි සවිමත් මිනිස් පවුරක සවිමත් අත්තිවාරමයි.
මතු පරම්පරා ගණනාවක යහගුණ පිරුණු, ගහට, කොළට සතාසීපාවාට, මිනිස් පවුලට ආදරය,
කරුණාව, දයාව, මෛත්‍රිය දානය කරන මිනිසකු තනනුයේ තලතාදේවි ප්‍රඥා ප්‍රභාවෙන්
ප්‍රභාන්විත වූ මව් කෙනෙකි. කාන්තාරත්නයකි. අපේ වනිතා පරපුර යශෝධරා දේවි
ගුණමහිමයෙන් සිය ආධ්‍යාත්මය පොහොසත් කරගත් නිසාම ලක්ධරණීතලය සොබාදහම් අසිරියෙන්
බැබළුණු සේ ම උත්තුංග මානව හැසිරීම් රටාවන්ගෙන් විසිතුරුවැ උතුම් මිනිසුන් වෙසෙන
උතුම් රටකැයි ලොව දස දෙස පතළ වූයේය. ඒ ගුණබර මිනිසුන් උදාර කාන්තා රත්නයන් දේශයට
දායාද කළ නිසාවෙන් ම ය.
ඈත අතීතයේ පටන්ම බුදුදහමේ ගුණභරණින් ඔපවත් දිවි ගෙවු අපේ හෙළ කත කිසිදිනෙක නොමනා
කටයුතුවල නිරත නොවූවා ය. කුමරි බඹසර දෙමාපියන්ගෙන් ලද දායාද අගය තීව්‍ර කළෝ ය. ඈ
කුලගෙට වැදුණේ සනුහරේ අභිමානය ද සමඟිනි. “නකුලමාතා – නකුලපිතා” සම්බුදු සසුනේ
ආදර්ශවත් යුගදිවි චරිතය.
හෙළ කත කුලගෙය ආලෝකවත් කළේ ය. ගෙයි ගින්දර පිටත නොදෙන්නැයි එදා විශාඛා සිටු දියණියට
ධනංජය පිය සිටුතුමා ලබාදුන් ඔවදන් මාලාව සෑම යුවතියක් ම ස්පර්ශ කළ යුතු, ස්නේහයෙන්
වැළඳගත යුතු උපදෙස් පන්තියකි.”
ඇතුළත ගිනි පිටත නොදෙන්න පිටත ගිනි ගෙතුළට නොගන්න” යනුවෙන් වූ දෙස් යුගදිවියට පා
තබන මනාලිය දනී නම් ගැටලු ආරවුල් අවම ව, සාමකාමී සහජීවනයෙන් යුතුව යුගදිවිය
භාග්‍යවන්ත වෙයි.
බුදුරදුන්ගේ ද ප්‍රශංසාවට පාත්‍රවූ කුලගෙට පළමුව විශාකාව ලද උපදෙස් සමුච්චය සිරිලක
එදා හෙළ ලිය දෝතින් දරා පිළිපැද්දාය. ගැටලු කලකෝලාහල අවම, සාමකාමී, සොඳුරු පවුල්
සංස්ථාවකට, ධනංජය සිටුතුමාගේ කුලගෙට නික්මෙන විශාකාවන්ට දුන් උපදෙස් මාලාව මනා
පටිවහලකි. තමාගේ යුතුකම වගකීම්, කළ යුතු නොකළ යුතු දෑ මොනවට දැන හැඳින වගකීම් සහගත
වූ එදා හෙළ ලියගේ යුගදිවිය, පවුල් සංස්ථාව රන් රස සේ කිරි පැණි සේ සමඟි දමින්
පෑහුණේ ය.
අලුත ගෙනා මනාලිය තමාගේම දියණියක් සේ එදා නැදිමයිලණුවන්ට හැඟුණේ ය. දැනුණේ ය. ඒ
සුවච කීකරු දියණියක් ලෙසින් ස්වකීය නැදිමයිලණුවනට ගෞරව සම්ප්‍රයුක්තව සැලකීම
නිසාවෙනි.
යුගදිවියට පා තබන කවර යුවතියකට වුව ද එකසේ අගනා මෙවන් ගුරුහරුකම් තුළින් හෙළදිව හෙළ
කත මනාව සැරසී සිටියා ය. ඒ බුදුදහමේ ආභාසයෙනි.
එනිසාම සහජීවනයෙන් බැඳුණු පවුල් සංස්ථාවක් ද, පවුල්, ගම් තුළින් සුසැදුණු රට මනා
සමාජ සබඳතා වන්ගෙන් පිරුණු දේශයක් ලෙස දිගත පතළ විය.
සැබෑවටම සිරිලක් වනිතාවගේ ගුණබර දිවියට යශෝධරා දේවි පරමාදර්ශි චරිතය බෙහෙවින්
පිහිටාධාර විය.
හරවත්, ගුණවත්, තෙදවත් ලක් කත හද අරමේ අති පාරිශුද්ධ දෙව්දුව යශෝධරා දේවිය වූවා ය.
හදමඬලේ දෝරගලන පතිභක්තිය ඇති පි‍්‍රයම්භිකාව පවුලේ සිරිකත වූවා ය. දරු සෙනෙහසින් හා
ස්වාමි භක්තියෙන් හෙබි ආදර්ශවත් භාර්යාවකගේ රුව ගුණ යශෝධරා චරිතයෙන් මොනවට ඉස්මතු
වුණි.
පිය මහ රජතුමාගේ ආවාහ යෝජනාව පිළිබඳ වූ බලවත් පෙරැත්තය ඉවත නොදැමිය හැකි තැන මා
ආවාහ කරගන්නා වූ මගේ කුමාරියගේ ගති සොබා මෙසේ විය යුතු යැයි සිදුහත් කුමාරයාණෝ මහ
රජුට දැන්වූහ.
“මවක සේ, සොයුරියක සේ කරුණා මෛත්‍රියෙන් හදපිරුණු, දානයේ හද ඇලුණු, ඉසි කෝ මන්
නැති, දුක සැප අබියස උපේක්ෂාවෙන් යුතු ලජ්ජා බය ඇති අනලස්වූ නැදිමයිලන් පුදන ගුණබර
ලලනාවක් ලදොත් ඈ ආවාහ කර ගැනීම ස්වාභිමතාර්ථයයි යනුවෙන් පවසත්ම පිය මහරාජාණෝ
පී‍්‍රතියෙන් ප්‍රමුදිතව ස්වකීය පුත්කුමරුවන් හට අභිමත කුමාරිකාව තෝරා ගැනීමේ
ස්වයංවර මහෝත්සවයක් සංවිධානය කළහ.
එහිදී සිද්ධාර්ථ කුමාරයාණෝ සිය සහජාත දෛව පාදපරිචාරිකාව වූ යශෝදරාවන් ආවාහ කරගත්හ.
ඉතිරි කොටස උඳුවප් අව අටවක
පෝදා (16) අන්තර්ජාල කලාපයේ පළවේ |