ලක් දෙරණේ නාලන්දාව නාගානන්ද
බොදු සරසවිය
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී නව වැනි වසරේ මණිඅක්ඛික නා රජුගේ
ආරාධනාවෙන් කැලණි පුරයට වැඩූම කළ අවූස්ථාවේ රජු විසින් කැලණිය ප්‍රදේශයේ
බොල්ලාගල නම් පුරවරයෙන් බුදුරජාණන් වහන්සේට භූමියක් පූජා කරන ලදී. අද
මානෙල්වතු මහා විහාරය නමින් හැඳීන්වෙන භූමිය අතීතයේ රජූවත්ත නමින් හඳුන්වා ඇති
අතර, එදා බුදුරූජාණන් වහන්සේට පූජා කරන ලද භූමිය ද මානෙල්වත්තට අයත් බව සැලකේ.
උප කුලපති බෝදාගම චන්දිම නා හිමි |
එම භූමියෙන් ඉටු විය යුතු කාරණා යුතුකම් තඹ පත්ඉරුවල ලියා දක්වා ඇත. සතර දිගින්
වඩින භික්ෂූන්ට අවශ්‍ය දාන මාන සැපයීම, භික්ෂූන් වහන්සේට අවශ්‍ය ගමන් පහසුකම්
සැපයීම මෙන් ම මානෙල්වත්තේ අධ්‍යාපන ආයතනයක් ඇති කළ යුතු බව ද එම පත්ඉරුවල දක්වා
තිබේ.
පසුව වැලිවිට සංඝූරාජ විහාරස්ථානයෙන් මානෙල්වත්ත විහාරාධිපති හිමියන් ලෙස
කන්ඩූක්කුලමේ ධම්මූකිත්ති නාහිමියන් පත් කරන ලදී. පසුව ධම්මකිත්ති හිමියන්
විසින් මෙරට නායක හිමිවරුන් රැසක් හමු වී මානෙල්වත්ත භූමි භාගය බාරගන්නා ලෙස
දැන්වූවත් කිසිවකු එහි බගකීම බාර නොගත්තේ එය බැරෑරුම් කාර්යයක් නිසා ය. පසුව
ධම්මූකිත්ති නාහිමියෝ පළමුව එංගලන්තයට හා ඉන්පසුව අමෙරිකාව ඇතුළු විදෙස් රටවලට
හිතවත් හිමිවරුන් සොයා වැඩම කළහ. මානෙල්වත්ත බාරගන්නා ලෙස දැන්වුව ද කිසිදු
හිමිනමක් බාර නොගත් අතර, අවසානයේ උන් වහන්සේ මැලේසියාවට වැඩම කළහ. එහි වැඩ සිටි
කිරින්දේ ධම්මානන්ද හිමියන්ගෙන් ඉල්ලා සිටියේ තමන් වහන්සේට අසනීප බැවින් මානෙල්වත්ත
භූමිභාගය සංවර්ධනය කර එයින් ඉටු විය යුතු යුතුකම් කරන ලෙසයි. ධම්මානන්ද හිමියන් ඒ
වන විට තායිවානයේ වැඩ වාසය කළ බෝදාගම චන්දිම හිමියන් අමතා එම කාර්ය බාර ගන්නා ලෙස
ඉල්ලා සිටියහ. චන්දිම හිමියෝ ඒ අභියෝගය බාරගත්හ.
‘‘මම ඒ වෙනකොට තායිවානයේ හිටියෙ. මැලේසියාවට ගියේ නායක හිමියන් එක්ක ධර්ම ප්‍රචාරය
කරන්න. උන්වහන්සේ මට කිව්වා ලංකාවට ගිහින් ධම්මකිත්ති හිමියන් හමුවෙන්න කියලා. මම
ඇවිත් උන් වහන්සේ හමුවුණා. ඒ 2002 අවුරුද්දෙ. 2003 අවුරුද්දෙ තමයි මේ භූමිය
භාරගත්තෙ.
අවුරුදු 20කින් අත නොගහපු ඝන කැලෑවක් තමයි මෙහි තිබුණේ. හවස 6න් පස්සෙ මිනිස්සු
ගියේ නැහැ. ඇතුළට එන්න පාරක්වත් තිබුණෙ නැහැ. මම එදා හිතාගත්ත කවද හරි නාලන්දා
විශ්වවිද්‍යාලයක් මානෙල්වත්තෙ හදනව කියල.
ඒ විදිහට හිතල 2006 අවුරුද්දෙ බුද්ධශ්‍රාවක අධ්‍යාපන ආයතනය ආරම්භ කළා භික්ෂුණීන්
වහන්සේ වෙනුවෙන්. එදා ස්වාමීන් වහන්සේ 1000 නමකට දන් පිළිගන්වා තමයි මේ කාර්යය
ආරම්භ කෙළේ.
එතැනින් පසුව දිගින් දිගටම මෙහෙණින් වහන්සේට අවශ්‍ය පහසුකම් සපයන්න කටයුතු කළා. එදා
පටන් ගත්ත දානය පිරිනැමීම මේ වසරේත් 17 වැනි වතාවටත් සිදු කරනවා. මේ වන විට
අධ්‍යාපන ආයතනය දියුණු කරගෙන තියෙනවා.
ඒ අතරෙ හොංකොංහි චිංකොන් නාහිමියන්ට මම ආරාධනා කළා මෙහි වඩින ලෙසට. උන් වහන්සේ 2012
වැඩම කළා. ඒ වගේම 2013 අවුරුද්දෙ යුනෙස්කෝවෙන් දූත පිරිසක් මෙහි ගෙන්වූවා. රටවල්
30ක විතර තානාපතිවරු ඊට අයත් වුණා. ඒ අවුරුද්දෙම නාගානන්ද අධ්‍යාපන ආයතනයට මුල්ගල
තිබ්බා. 2014 වැඩ ආරම්භ කළා.
ඇත්තෙන්ම නාලන්දා විශ්වවිද්‍යාලය කියන්නෙ ලෝකෙට උගත්තු බිහි කළ අධ්‍යාපන ආයතනයක්.
ථෙරවාද, මහායාන මෙන්ම වජ්‍රයාන යන තුන් නිකායන්ට ම අයත් භික්ෂූන් වහන්සේ
නාලන්දාවෙන් බිහිවුණා. ඒ තත්ත්වය යළි ශ්‍රී ලංකාවෙන් ආරම්භ කිරීමයි මගේ අරමුණ වුණේ.
ඒ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා. නාගානන්ද විශ්වවිද්‍යාලයක් බවට දැන්
පත්වෙලා. ආචාර්ය උපාධිය පවා ලබා දෙනවා. ඒ වගේම විදේශීය භික්ෂූන් වහන්සේ මෙරටට පැමිණ
බුද්ධාගම ඉතා හොඳීන් හැදෑරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන තියෙනවා. ඒ වගේම
අපි තේරුම් ගත යුතුයි ලෝකයේ මේ වන විට බුද්ධාගමට ලොකු නැඹුරුවක් තියෙන බව.
වියට්නාමය වැනි රටවල අලුතින් ‘බෞද්ධ සංචාරක නගර‘ ඉදිකරනවා. ඇතැම් පුරාණ බෞද්ධ
සිද්ධස්ථාන වල්වැදිලා. අපේ රටේ අලුතින් බෞද්ධ සිද්ධස්ථාන ඉදි කරන්න දෙයක් නැහැ.
තියෙන ඒවා හරහා ලොකු පණිවුඩයක් දෙන්න පුළුවන්.
ඒ වගේම අපේ තරුණ භික්ෂූන් වහන්සේ මේ වන විට බුදු දහමේ දැක්වෙන බෞද්ධ භික්ෂුවගේ
භූමිකාවෙන් ඈත්වෙලා. උන් වහන්සේටත් තොරතුරු තාක්ෂණය ඇතුළු නවීන ලෝකයට අවශ්‍ය දැනුම
ලබා දී බුදු දහමේ දැක්වෙන භික්ෂුවගේ භූමිකාවට යළිත් මඟ පෙන්වීමට අප දැන් කටයුතු
ආරම්භ කර තියෙනවා. ඒ උදෙසා අලුතින් ස්ථාපිත කළ පරිගණක පාසල ලොකු පිටිවහලක් වේවි‘‘
නාගානන්ද විශ්වවිද්‍යාලයේ පරිගණක පාසලක් ද දැන් ස්ථාපිත ය. එහි අධ්‍යක්ෂ මහාචාර්ය
ආර්. වීරවත්ත මහතා පවසන්නේ සිසුන්ට ප්‍රායෝගිකව පුහුණුවීම් සිදු කළ හැකි පරිදි
පරිගණක පාසලක් ආරම්භ කර ඇති බවයි.
තාක්ෂණික දැනුමට අමතරව ප්‍රායෝගික පුහුණුවත්, ව්‍යාපාරික දැනුමත් ලබා දෙන්නට
නාගානන්ද ආයතනයේ උප කුලපති චන්දිම හිමියන් උපදෙස් ලබා දී ඇති බව මහාචාර්යවරයා
පවසයි.
‘‘බෞද්ධ අධ්‍යයන ආයතනයක් ලෙස ආරම්භ කළ නාගානන්ද උසස් අධ්‍යාපන ආයතනය මේ වන විට
නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මට්ටම දක්වා ක්‍රමයෙන් ගමන් කරනවා. තොරතුරු
තාක්ෂණ විෂයය හැදෑරීමට පරිගණක පාසලක් ආරම්භ කිරීමත් එහි එක් පියවරක්. විශේෂයෙන් ම
නයිටා ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ කටයුතු සිදු කෙරෙන නිසා එන්වීකිව් සහතිකය
දක්වා යන්නටත්, උපාධිය කරා ගමන් කරන්නටත්, දැන් ඉදිරියේ දී භික්ෂූන් වහන්සේ
වෙනුවෙන් මේ අංශය විවෘත වෙනවා‘‘
මෙරට බෞද්ධ අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් ගොඩනංවන ලද නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතනය මේ
වන විට විශ්වවිද්‍යාලයක් බවට පත්ව ආචාර්ය උපාධිය ද ලබා දෙනු ලැබේ.
නාලන්දා විශ්වවිද්‍යාලයෙන් ලබා දුන් දැනුම යළිත් ලබා දී ලෝක පූජිත විශ්වවිද්‍යාලයක්
බවට නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතනය පත්වීමට වැඩි කලක් ගත නොවනු ඇත.
-
එම්.ඩබ්ලිව්.සිරිවර්ධන |