Print this Article


සැනසුම් පිළිවෙත

සැනසුම් පිළිවෙත

සිතන සිතිවිලි ලියන ලියවිලි
කියන මැසිවිලි අනන්තයි
සසර සරනා කෙනාහට මෙය
ඉතා බියකරු පිළිවෙතයි
යොමා යුග නෙත බලා දස අත
නොගෙන සිතිවිලි අභිතවත් ලෙස
විගස දහමට නැඹුරු වනුනට
විරිය වැඩුමට සම්පතයි
එයම නිවනට මඟ සදයි
එයම ජීවන මංපෙතේ
සදා සැනසුම් පිළිවෙතයි

කල්ප සුවහස් කල්ප ගණනේ
පෙරුම් දම් පිරු සමිඳුගේ
නිමල දහමේ වෙළී පැටලී
නියුතු වීමෙන් ලැබෙයි සැනසුම
සදා සැනසුම ලබා ගන්නට
අනගි මාවත එය තමයි

දිනපතා සිත පෙරටු ගන්වා
අරි අටැඟි මග සිත තබා
දිවා රැයෙහිම සියලු ලෝ සත
වෙතට සැනසුම සලසලා
යොමා සිතිවිලි සිතා යහපත
වඩමු වීරිය නිතිපතා
ජරා මරණය පිටු දකින්නට
සෙත් පතන මඟ පිළිවෙතයි
බිඳි බිඳී යන මේ කයේ

ජරා මරණය පිටු දකින්නට
දහම ඔසුවකි මුනිඳුගේ
නිවී සැනසෙන නිවන අප හැම
පතමු නිති වී සැනසුමේ

දහම අටලෝ වෙතින් කම්පා
නොවී සැනසුම ළඟා කරගෙන
සදා යහපත්
සියලු සිතිවිලි
ලියන ලියවිලි
කියන කියවිලි
බුදු මගෙහි නියැළෙමින් ලැබ ගමු

උපේක්ඛාවෙන් නිවී නිතරම
බ්‍රහ්ම විහරණ වඩාලා
සදා සැනසුම ලබා ගන්නට
නිවන පෙරටුව දහමේ නියැළී
සැමට සුවසෙත ලබා දී
අපිත් ළං වෙමු
නිවන් දොර වෙත
සදා ඉපදෙන
මියෙන ලෝකෙන් නික්මිලා

අමා මෑණි මුනිඳු වදහළ
සතර සතිපට්ඨාන පිළිවෙත
නිතර වැඩුමට අවසරයි
නිවි නිවී සැනසුම ලබන්නට
එයම පෙරමුණු වන වගයි
නිදන නොනිදන යනෙන හැමවිට
වැඩිය යුතු දම් පිරිවෙනයි
සදා සැනසුම
සිතේ එකඟය
එයම අප හට සම්පතයි