 සංස්කරණය
- නයනා නිල්මිණි
වඳිනෙමි ගුරු හිමි පා
මා හද හිමිගෙ ගුණ සැමදා රැඳුනේ
හිමි සඳ මෙමට පිහිටක් වූවා නිබඳේ
මගෙ ගුරු පියා නිතරම ඔවදන් දුන්නේ
ආගම දහමට වැඩ කටයුතු කරපන්නේ
බුදු හිමි මඟට ආ මගෙ ගුරු සමිඳුන්නේ
රටවල්වලට දම් අමා වැසි වැස්සෙව්වේ
හිමි කළ සේවය අමරපුරෙහි රැව්දෙන්නේ
හිමි සමිඳුන් නිවනින් නිවී සැනසෙන්නේ
වල්පල සුගුණනන්ද හිමි
03 ශ්‍රේණිය,
ශාන්ත නිකේතන පිරිවෙන,
වල්පල
මවුපියන්ගේ අගය
මවුපියන් කියන්නේ අපේ අම්මටයි, තාත්තටයි. අප ජන්ම දිනයේ සිට ගෙවන සෑම තත්පරයක ම ලොව
කිසිවකුගෙන් නොලැබෙන ආදරයක්, රැකවරණයක් ලබා දෙන්නේ අම්මා සහ තාත්තායි.
අප කුඩා කල පෝෂණය කළේ, රජ බොජුන් මෙන් ආහර පිස දුන්නේ, සිහිනෙන් අවදි වී අප හඬනා
විට තුරුලට ගෙන නැළවිලි ගී කීවේ අපේ අම්මායි.
දිවා රෑ නොබලා පුංචි අපේ පාසල් උපකරණ, සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම් වැනි අපට අවශ්‍ය
දේ ගෙන දෙන්නට දහඩිය වගුරන්නේ අපෙ තාත්තා ය.
අප කුඩා කල සිට ම අධ්‍යාපනයෙන්, ගුණධර්මවලින් පිරිපුන් දරුවන් කරන්න අපරිමිත
මෙහෙයක් ඉටු කරන්නේ අපේ ආදර මවුපියන්ය . මවුපියන්ගේ අගය කොතෙක්ද යත් කිසිදා ලියා
නිම කළ නොහැකි ය.
එස්.එච්.එම්. තාරිකා දිල්සානි
9 ශ්‍රේණිය
ශ්‍රී ගාමිණී දහම් පාසල
බුලත්කොහුපිටිය
තිසරණ ගුණ
අනන්තයි බුදු ගුණ
සත්යමයි දම් ගුණ
පිරිසුදුයි සඟ ගුණ
සරණයි අපට තිසරණ ගුණ
සෙනුලි ලෙහන්සා කුරුප්පු
2 ශ්‍රේණිය
බෝසත් දහම් පාසල, උඩහමුල්ල
අම්මා

ආදරයෙන් මට කිරි පෙව් අම්මා
මෙත් සිත පතුරන ගුණ කඳ අම්මා
කරුණා ගුණයෙන් හදපිරි අම්මා
ලොව සඳවතියයි ආදර අම්මා
රුවිදි තත්සර
ජයතිලක
3 ශ්‍රේණිය
මිසුසිස් විදුහල,
කොළඹ.
පව් දුරු කරමු
හැකි නම් නොපමාව ම පන්සල වෙත යන්න
එපා පාප මිතුරන් හෙම ඇසුරට ගන්න
කලණ මිතුරු වේ සුමිතුරු එය දැන ගන්න
මාරයාට හසු නොවෙන්න නිවනට යන්න
සිටියට පලක් නෑ බොරු කේළම් කියමින්
සිටිය යුතුයි අනන්ත සම්බුදුගුණ වනමින්
වළාවෙන් මිදුණු සඳමෙන් එළිය ගෙන දෙමින්
දුරු කර පව් හනි හනිකට යමු ද අපි නිවන්
වටරැක ඤාණවංස හිමි
සුවිසුද්ධාරාමය
වැල්ලවත්ත
සිල් ගන්නට හරි ආසයි

සුදුවතකින් සැරසීලා
සුදු මල් දෝතින් අරගෙන
ආච්චි අම්මත් සමඟින්
සිල් ගන්නට හරි ආසයි
තෙල්මල් හා සුවඳ අරන්
උවසු උවැසියන් සමඟින්
පේළි පේළි පේළි සැදී
බුදුන් පුදන්නට ආසයි
කිරි බුබුළක් සේ බබළන
සෑ සමිඳුන් අසලට වී
නව ගුණ වැල ගනිමින් මට
බවුන් වඩන්නට ආසයි
එම්.එල්.ශයිනි නිරෝධ්‍යා
12 ශ්‍රේණිය
තක්ෂිලා මහ විදුහල
ගම්පහ
වඳිමි සම්බුදු සමිඳු
සසර සරන සැමහට සෙත සෑදූ
සියලු සතුන් හට කරුණා ගුණ වීදූ
අජරාමර අමා නිවනට මඟ පෑදූ
සැමදා වඳිමු සම්බුදු සමිඳුන් සාධු
අලුත්වත්තේ සුගතරතන හිමි
05 ශ්‍රේණිය
ශ්‍රී බෝධිරාජාරාම විහාරය
ගලේවත්ත
පෝය දා

එන්. නෙතුනි නිමංශා
06 ශ්‍රේණිය,
ශ්‍රී ගුණානන්ද දහම් පාසල
පොල්ගහවෙල |