හදවත් පිබිදේ සිල් සුවඳින්

සොමි කිරණ ගලා සඳ මඬලේ
රන්කොත සුදිලේ පුර පෝය දිනේ
සීල සුගන්ධයෙ සුවඳින් පිබිදේ
මළුව පුරා රන්වැලි මහ සෑයේ
සිරිමහ බෝපත් සිළි සිළියේ
හඬ නැංවෙයි බුදුගුණ වරුණේ
බැතිමත් දහසක සාධුනාද දේ
පැතිරේ මහ බෝ මළුව පුරා
බුදු සිසිලයි මහමෙව්නාවේ
හේවිසි ඝණ්ඨා නද පැතිරේ
සුපුබුදු සිල් සුවඳින් හදවත්
සැනහෙයි සුපුරුදු ලෙස සසරේ
ආචාර්ය රත්නපාල වික්රමසිංහ |