Print this Article


නායක පදවි ලබති

නායක පදවි ලබති

කොත්මලේ නව තිස්පනේ තිස්පනේ කන්ද ශී‍්‍ර සම්බෝධි විහාරාධිපති විශ්‍රාමලත් පරිවේණාචාර්ය ශාස්ත්‍රපති සිවුරුපිටියේ සිරි සීවලී හිමිවහන්සේට මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ අතිගරු මහා නායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාව මගින් කොත්මලේ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.

ගම්පොල නාරංවිට පුරාණ විහාරාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ අඹන්වල ශ්‍රී වනරතන මාහිමියන්ගේ හා උඩපළාත ප්‍රධාන අධිකරණ සංඝ නායක වරකාපනේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ ද පැවිදි ශිෂ්‍ය හිමි නමක් වන සිරිසීවලී හිමියෝ දැන උගත් ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ නමකි.