Print this Article


කතරගම අභිනවාරාම පුදබිමේ ඉදිකළ දුටුගැමුණු මහසෑය

කතරගම අභිනවාරාම පුදබිමේ ඉදිකළ දුටුගැමුණු මහසෑය

ඓතිහාසික කතරගම පුදබිමේ පිහිටි ශ්‍රී අභිනවාරාමයේ අභිනවයෙන් ඉදිකළ දුටුගැමුණු මහාසෑය සැදැහැවතුන්ගේ වන්දනාවට පසුගිය 02 වැනිදා විවෘත වුණි.

විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශී‍්‍ර අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කපුගම සරණතිස්ස නාහිමිගේ ඉල්ලීමක් මත අධිපති මහානාම විදානගමගේ පේ‍්‍රමදාස මහතා සහ එම මැතිණියගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරිණි.

නව චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කිරීම මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධූරන්දර සාහිත්‍ය චක්‍රවර්ති නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතින් සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක ධූරන්දර සිත්තම්ගල්ලෙන රාජමහා විහාරාධිපති අගලබඩ පියසිරි හිමි, කොල්ලුපිටියේ වාලුකාරාමාධිපති මහරගම නන්ද හිමි,රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි, පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් රාජමහා විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි යන හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද, ශී‍්‍ර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර යන මහත්වරු ද සහභාගි වූහ.