Print this Article


රට්ඨපාල මහ රහතන් වහන්සේ

රට්ඨපාල මහ රහතන් වහන්සේ

අසූ මහා ශ්‍රාවක ශ්‍රාවිකා චරිත කතා ග්‍රන්ථ රැසක් හා ධාතු විස්තරය නම් වූ ග්‍රන්ථය සම්පාදනය කළ ගයාන් චානුක විදානපතිරණ ලියූ “රට්ඨපාල මහ රහතන් වහන්සේ” බෞද්ධ ග්‍රන්ථය මේ මස 02 වැනිදා කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමේ පොත් ප්‍රදර්ශනාගාරයේ දී නිකුත් කෙරිණි.

අසූ මහා ශ්‍රාවක චරිත ග්‍රන්ථ මාලාවේ විසිඅට වැනි ග්‍රන්ථය ‘රට්ඨපාල මහ රහතන් වහන්සේ’ නම් ග්‍රන්ථය යි. රට්ඨපාල මහ රහතන් වහන්සේ ගෞතම බුදු සසුනේ ශ්‍රද්ධාවෙන් පැවිදි වූ භික්ෂූන් අතරින් අගතැන් ලබා බුදුරජාණන් වහන්සේගේ අසූ මහ රහතන් වහන්සේ අතර විසිඑක් වැනි ස්ථානයේ වැඩ සිටි සේක.