Print this Article


රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ සිව්වන දින පෙරහර අගෝස්තු (1) වීදි සංචාරය කෙරිණි. කඳසුරිඳුන්ගේත්, වල්ලි මෑණියන්ගේත් සරණ මංගල්‍යය සිහිකරනු වස් දුටුගැමුණු මහ රජුගේ අණින් කඩ නොකොට පවත්වා ගෙන එනු ලබන ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2022 වර්ෂයේ ප්‍රථම මඟුල් පෙරහර ඉකුත් 29 වැනිදා වීදි සංචාර කෙරිණි.

මෙම ප්‍රථම මඟුල් පෙරහර රන්කොත් මාලිගාවෙන් නික්මී මඟුල් වීදියෙන් වල්ලි මෑණියන්ගේ දේවාලයට පැමිණ නැවත එම වීදිය ඔස්සේම පැමිණ රන්කොත් මාලිගාවට ගෙවදිනි. මෙවර කතරගම ඇසළ මංගල්‍යයේ අවසාන මහා රන්දෝලි පෙරහර අද (11 වැනිදා) පැවැත්වෙන අතර, 12 වැනිදා මැණික් ගඟේ දියකැපීමෙන් පසු පෙරහර නිමාවට පත්වේ. උඩරට, පහතරට සහ සබරගමු සම්ප්‍රදායන්ට අයත් නැටුම් කණ්ඩායම් රැසකගේ සහභාගිත්වයෙන් අලි ඇතුන් සහිතව චාරිත්‍රානුකූලව උත්කර්ෂවත් ලෙස පෙරහර පැවැත්වීමට බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා පියවර ගෙන ඇත.