Print this Article


නික්මයෑම

නික්මයෑම

උලලේනිය හැඬු මහ රෑ යාමේ
වන ඇතුගේ පා පහරින් දිවි පිදු
අපෙ අප්පොච්චී සිහිවන විටදී
කඳුළින් තෙත් වේ මගේ කසාවත

පුතේ කසාවත කොයිදැයි කියලා
අහන්න එපා මගෙ පින්බර අම්මේ

තුන් තිස් පැය නිදි වැරුවත් අඳුරේ
අලි වැට බිඳ අලි මිදුලට එනවා
හුළු අතු දල්වා උන් එළවන්නට
වෙර දැරුව ද එය ඵල නැත අම්මේ

බවුන් වඩන්නට බැහැ සිත එකඟව
බුදු හිමි පාමුල තබා කසාවත
නා සමිඳුගෙ පා වැඳ අවසර ගෙන
ගෙදර බුදුන් රැකුමට මා එනවා