[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

කෑගලු පුරවරයේ පින්බර පින්බිම ගනේගොඩ පුරාණ රාජ මහා විහාරය

දුටු නෙත් ඇසිල්ලෙන් ආනන්දයට පත් කරන පින්බර පින්බිමක් කෑගලු පුරවරයේ දී අපට මුණගැසෙයි. බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අලවතුර ගම්මානය සමීපයට වන්නට මෙකී විහාරය දැක ගත හැකි ය. මෙය නමින් ගනේගොඩ පුරාණ රාජ මහා විහාරය නම් වෙයි. ගනේගොඩ ගම්මානයෙන් ගොස් දෙගොඩතලා යන දිය පහර මැදින් ටික දුරක් ගිය විට මෙම රාජකීය විහාරය කළු ගල් මස්තකයේ සාඩම්බර ලෙස වැඩ සිටින අපූරුව දැකගත හැකි ය. අතීතයේ රාජකීය නරපතීන්ගෙන් පවා අභිෂේක ලද මෙකී පුද බිම අද නිස්කාරණයේ නිහඬ වී ඇති සැටි ශෝකජනක ය. එකී නිහඬතාවයේ බැරෑරුම් බව පැවසීමට මත්තෙන් එම විහාරය සතු වටිනාකම් පැහැදිලි කිරීම සුදුසු යැයි සිතමි. මෙම විහාරයේ ආරම්භක කතා පුවත තරමක් මතභේදාත්මක ය. ඒ සඳහා වන ජනප්‍රවාද එකිනෙකට වෙනස් ය. බොහෝ දෙනාගේ මතය වන්නේ මෙය වළගම්බා රජු දවස ඉදි කළ බවයි. මහාවංශයට අනුව වළගම්බා රජුගේ රාජ්‍ය කාලය වන්නේ ක්‍රි. පූ 103 - ක්‍රි .පූ 77 දක්වා කාල සීමාවයි. මෙම විහාරය දෙස බැලූ බැල්මට එය එසේ යැයි හැඟීම වරදක් නැත.නමුත් යමක් නිත්‍ය වශයෙන් පැවසීමට නම් එය සාධනය කිරීමට අත්‍යවශ්‍ය සාධක පූරණය විය යුතු ය. එහෙත් සාධක නොමැතිව වුව ද මෙම ජනප්‍රවාදය පිළිගැනීමට කිසිවෙක් මැළි නොවෙති. එය කෙසේ වුවත් මෙකී විහාරස්ථානය පිළිබඳ ලිඛිතමය සාක්ෂි ඉදිරිපත් වේ.


නිකිණි පුර අටවක

 අගෝස්තු 05 සිකුරාදා පූර්වභාග 05.08 පුර අටවක ලබා 06 සෙනසුරාදා පූර්වභාග
03.57 ගෙවේ.
05 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 05

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]