Print this Article


ඇසළ පෝය වර්ණනාව

ඇසළ පෝය වර්ණනාව

වෙස්සන්තර බවෙන් වෙන් වී මිනිසකු සේ
තුසිතයෙ විඳි සැපත කවියෙන් කියනු කෙසේ
පස්මහ බැලුම් බල බල පොහො දිනක මෙසේ
පිළිසිඳ ගැනුනි මහමායා මවගෙ කුසේ

එක් විය දරු බැඳීමක් මට අතිරේක
එය කරුණක්ය දදිවියට ගෙනදෙන ශෝක
අතහැර ගිහි දිවිය දුක තැවරෙන නේක
අභිනිෂ්ක්‍රමණයත් විය අද වැනි දාක

අවබෝධය ලැබුව සදහම් රස මුසුවේ
පස්වග මහණුන්ට පළමුව අඬ ගැසුවේ
ඒ පස්දෙනා දම්රස විඳ විඳ පසුවේ
දම්සක් සුතුර අද වැනි දිනකය දෙසුවේ

වටහා ගන්න කීවත් තම තමා වහා
මිසදිටුනට නොතේරේ මෙය තමා රහා
මානය බිඳිනු වස් බුදු හිමි අමා මහා
පෙළහර පෑව බව පැවසෙයි යමා මහා