Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නාරහේන්පිට පදිංචි ඒ.යු.ආර්. ප්‍රේමචන්ද්‍ර යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව ද කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් 071 3580178, 071 42 73470 දුරකතනයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

****

මග, පින්නවල දියබලුලන්ද අංක 84 හි පදිංදි එම්.ඩී. පුබුදු පැතුම් දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් 071 1075246 සහ 070 1964546 දුරකතනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

මහියංගණය, වටවන සොරබොර ඓතිහාසික ශ්‍රී සේරණා ගල්ලෙන් භාවනා මධ්‍යස්ථානාධිපති බලංගොඩ ශ්‍රී නාරද හිමියන් එක් වකුගඩුවක් දන් දුන් බව ද මේ වන විට අනෙක් වකුගඩුවට විෂබීජයක් ඇතුල් වී ඇති බව ද කියයි. උන්වහන්සේට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට අයකු සිටියත් ඒ සඳහා මුදල් නොමැති බව කියයි. පරිත්‍යාගශීලීන් වේ නම් 076 48 92 385 දුරකතනයෙන් වැඩිදුර විස්තර විමසිය හැකි බව කියයි. ආධාර උන්වහන්සේගේ නමිත් ඇති ලංකා බැංකුවේ විවෘතව ඇති 82105651 ගිණුමට මුදල් බැරකළ හැකි බව ද කියයි.

****

සම්පත්නුවර, අංක 90 හි පදිංචි ටී.එම්.එස්.එස්. විජය බණ්ඩාරනායක (33) යන අය වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. දුෂ්කර පළාතක ගුරුවරයකු වශයෙන් කටයුතු කරන ඔහුට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇති බව කියයි. වැඩි විස්තර 0714376978/0778198671 දුරකතන අංකයෙන් විමසිය හැකි බවද කියයි.

****

හෝමාගම, ගලවිලපාර, අංක 244/ඒ හි පදිංචි දිනේෂා හිරුෂි දියණිය (16) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඇයට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. වකුගඩුවක් පරිත්‍යාගශීලියෙකු සිටිය ද ඒ සඳහා විශාල මුදලක් වියදම් වන බව මව්පියන් දන්වා ඇත. මුදල් පරිත්‍යාගශීලින් වේ නම් මහජන බැංකුව හෝමාගම ගිණුම් අංක 049- 2- 001-8-0072172 ගිණුමට මුදල් බැර කළ හැකි බව ද කියයි. වැඩි විස්තර 0768970211 දුරකතනයෙන් විමසිය හැකි බව ද කියයි .